The Leader News
BREAKING
Top Ad
Opinion

'ඩියුටි ෆ්‍රී' වාහන බලපත්‍රයෙන් නිරූපණය වන ලංකාවේ සමාජ අර්බුදය -අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

March 20, 2022 • 6:29 AM

'ඩියුටි ෆ්‍රී' වාහන බලපත්‍රයෙන් නිරූපණය වන ලංකාවේ සමාජ අර්බුදය -අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මන්ත්‍රීවරයකුට හෝ රජයේ නිලධාරියකුට තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ලබාදෙන්නේ එම පුද්ගලයා කරන සේවය පහසුකිරීම සඳහායි. එම බලපත්‍රය
  • 50,000ක් පමණ වන අයුතු ආදායමක් ලැබෙනවා.
  • වර්තමානයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන වැනි අය පවා තමන් හඳුන්වන්නේ රාජපක්ෂවරුන් ලෙසයි.
  • රාජපක්ෂ පවුලේ දේශපාලනය සඳහා යෙදවෙන්නේ කොමිස් හා වෙනත් වංචාවලින් උපයාගත් මුදල්වලින් කොටසක් බව ප්‍රසිද්ධ රහසක්.
අකුරු ප්‍රමාණය (Font Size):

අන්සතු කළ නොහැකියි.

ඒ අනුව, එම පුද්ගලයා කළ යුතුව තිබෙන්නේ වාහනයක් ආනයනය කරගෙන එය භාවිතා කිරීමයි. අවුරුදු පහක කාලයක් තුළ එම වාහනය විකිණීම නීති විරෝධීයි.

එහෙත්, බලපත්‍රයේ සිටම නීතියේ සිදුරුවලින් රිංගා යාමට ක්‍රම සම්පාදනය කරගෙන තිබෙනවා. බලපත්‍රය විකුණා මිලියන් ගණනක් උපයා ගන්නවා. එසේ උපයන අයථා ආදායම ගණන් හදා මාසික වැටුපට එකතු කළහොත්, මන්ත්‍රීවරයකුගේ මාසික වැටුපට තවත් රු. ලක්ෂයක් පමණ එකතු විය යුතුයි.

රජයේ නිලධාරීන් දසදහස් ගණනක් ද මේ අන්දමින් තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාගන්නවා. ඒ බලපත්‍ර ද මේ අන්දමින්ම ජාවාරම් කරනවා. පඩි මදි යයි කියන මෙම නිලධාරීන්ගේ වැටුපටත් මේ තීරුබදු රහිත වාහන ජාවාරමෙන් මසකට රු. 50,000ක් පමණ වන අයුතු ආදායමක් ලැබෙනවා.

මන්ත්‍රීවරුන්ට මෙන් නොව, ඔවුන්ට අවුරුදු පහෙන් පහට මේ බලපත්‍රයට අයිතිවාසිකම ලැබෙනවා. රජයේ නිලධාරීන් උපයන මේ අයුතු ලාභය කිසිදු පොදු වැඩකට යෙදවෙන්නේ නැහැ.

 

බොහෝ දේශපාලකයන් දේශපාලනය සඳහා මුදල් උපයාගන්නේ නීති විරෝධී, ආචාරධර්ම විරෝධී ආකාරයටයි. වර්තමානයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන වැනි අය පවා තමන් හඳුන්වන්නේ රාජපක්ෂවරුන් ලෙසයි. රාජපක්ෂ පවුලේ දේශපාලනය සඳහා යෙදවෙන්නේ කොමිස් හා වෙනත් වංචාවලින් උපයාගත් මුදල්වලින් කොටසක් බව ප්‍රසිද්ධ රහසක්.

 

2019 දී දින කීපයකට මන්ත්‍රී පදවිවල දිවුරුම් දුන් වරුණ ලියනගේ හා සමන් රත්නප්‍රිය යන මන්ත්‍රීවරුන් දෙදෙනා ද තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාගත්තා. වෘත්තීය සමිති නායකයකු වන සමන් රත්නප්‍රිය තම තීරුබදු රහිත වාහන බලපත්‍රය විකුණාගැනීම සමාජයේ දැඩි කතාබහට ලක්වුණා. 

 
මේ දක්වාම වෘත්තීය සමිති නායකයකු ලෙස සක්‍රිය වන රත්නප්‍රියට තම කටයුතු කරගැනීම පහසුවීම සඳහා මෙම මුදල ප්‍රයෝජනවත් වන්නට ඇති. එහෙත්, එම ආචාරධර්ම විරෝධී ක්‍රියාව ඔහුගේ දේශපාලන දිවියට බලපානවා.

සමන් රත්නප්‍රියට අවලාද නගන එක් දේශපාලකයෙකු වන රෝහිත අබේගුණවර්ධන මුල්වරට පාර්ලිමේන්තුවට පත්වන්නේ 2001දීයි. අතීතයේදී එදිරිවීර ප්‍රේමරත්න ඇමතිවරයාගේ රියදුරා වූ රෝහිත අබේගුණවර්ධන මේ වන විට අඩුම ගණනේ තීරු බදු රහිත වාහන බලපත්‍ර පහක් ලබාගෙන තිබෙනවා.
 
 
 
විහිළුවට කරුණ වන්නේ, ලංකාවේ දේශපාලනය මේ අන්දමින් පදනම් වන්නේ දැවැන්ත මහජන මුදල් වංචාවක් මත වීමයි. එය කෙතරම් සාමාන්‍යකරණය වී තිබේද යත්, වාහන බලපත්‍ර මිලදීගැනීම සඳහා වාහන ආනයනකරුවන් පුවත්පත්වල පවා දැන්වීම් පළකරනවා. තීරුබදු රහිත වාහන බලපත්‍ර ගණනාවක් විකුණපු අය සමන් රත්නප්‍රියගේ බලපත්‍රය ප්‍රශ්න කරනවා.
 
 
 
තීරුබදු රහිත ආනයන බලපත්‍ර ලබාගන්නා බොහෝ අය හා තමන්ගේ පවුලේ වෙනත් අයට ඒවා ලැබෙන අය මේ මහා දූෂණයට විරුද්ධව හඬ අවදි නොකරන බව ඔබට පහසුවෙන් නිරීක්ෂණය කළ හැකියි. මෙය ලංකාවේ සමාජ අර්බුදයේ ප්‍රධාන පැතිකඩකි.

සමාජය පුරාම විහිදුණු දැවැන්ත දූෂණයක්, මහජන මුදලින් අයථා වරප්‍රසාද ලබාගැනීමක් හා වැඩකරන ජනතාව සූරාකෑමක් පවතිනවා. ශ්‍රී ලංකා රාජ්‍යයේ සැබෑ හිමිකරුවන් ලෙස සැලකිය හැකි ඉහළ මධ්‍යම පන්තික කොටස් ඒ සම්බන්ධයෙන් මුනිවත රකිනවා. නැතිනම් සකල දෝෂවලට මුල දේශපාලකයන් යයි කියනවා.


ධනපති විරෝධී වෙනත් කතාවක් නිර්මාණය කිරීම...


ලංකාවේ අර්බුදයෙහි මුල් සැබැවින් විහිදී තිබෙන්නේ මෙවැනි තැන්වලටයි. එනම්, සමාජය පුරා විහිදී තිබෙන දූෂණය සාමාන්‍යකරණය වී තිබීම තුළයි. එකී දූෂණයේ ඵල නෙළාගන්නා දේශපාලනය හා රාජ්‍ය සේවය ව්‍යවසායකත්වයට වඩා උත්කර්ෂයට පත්වීම තුළයි. දූෂණයෙන් ඵල නෙළාගන්නා මධ්‍යම පන්තිය තමන්ට තිබෙන වාසි ආවරණය වන පරිදි ධනපති විරෝධී වෙනත් කතාවක් නිර්මාණය කිරීම තුළයි.

ලංකාවේ සූරාකෑම පිළිබඳ කතාකරන අය තේරුම්ගත යුතු කරුණක් වන්නේ බදු මුදල් ලෙස ලංකාවේ වැඩිම සූරාකෑම කරන්නේ අන් කිසිවකු නොව රජය බවයි. රජයේ හිමිකරුවන් වන්නේ ප්‍රධාන වශයෙන්ම දේශපාලකයන් හා ඉහළ රාජ්‍ය නිලධාරීන්.
 
 
 
මේ රට වෙනස් කරන්නට නම්, මූලික වශයෙන්ම තමන්ට ලැබෙන වරප්‍රසාද රැකගැනීම හෝ වැඩිකරගැනීම මත පදනම් නොවී, සැබැවින් අවශ්‍ය විසඳුම් ගැන සිතන්නට පුරවැසියන්ට හා නායකයන්ට හැකි විය යුතුයි.
 
 
 
දූෂිත තීරුබදු රහිත වාහන බලපත්‍රය ඒ සඳහා කදිම අවස්ථාවක්. මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරුබදු රහිත වාහන බලපත්‍ර ක්‍රමය අත්හිටුවා තිබෙනවා. එය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතුයි.

රජයෙන් වාහනයක් ලබාදීම අත්‍යවශ්‍ය නිලධාරීන්ට හා දේශපාලකයන්ට රාජකාරි සඳහා වාහන ලබාදිය යුතුයි. මේ වෙනස ලොකු වෙනසක ආරම්භය විය හැකියි.



AJITH PARAKUM(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක

(පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2022.03.20)
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'ඩියුටි ෆ්‍රී' වාහන බලපත්‍රයෙන් නිරූපණය වන ලංකාවේ සමාජ අර්බුදය -අජිත් පැරකුම් ජයසිංහ | The Leader