The Leader News
BREAKING
Top Ad
Opinion

ජනරජයක කෙළවර - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

October 10, 2022 • 5:23 AM

ජනරජයක කෙළවර - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නූතන ලංකාවේ දේශපාලන ව්‍යුහය වඩාත්ම සමාන වෙන්නේ පැරණි රෝම ජනරජයට (Roman Republic).
  • කොන්සල් (Consul) කියලා හැඳින්වූ ඒ තනතුර තමයි ඩික්ටේටර් (Dictator) වෙලා පස්සේ ඔගස්ටස් (Augustus) හෙවත් එම්පරර් (Emperor) බවට පත්වෙන්නේ.
  • ඔවුන් හිතනවා ජුලියස් සීසර් රෝමයේ “රජු” බවට පත් වෙලා නැවත කිංඩම් (Kingdom) එකක් හැදෙයි කියා.
  • නමුත් සීසර්ව ඝාතනය කරපු එකෙන් ඇත්තටම වෙන්නේ රෝමයේ වැසියන් බලවත් කම්පාවට පත්වීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):



රෝම ජනරජයේ තීරණ ගත්තේ සෙනට් එක (Senate). ඒක සමාන වෙන්නේ අපේ පාර්ලිමේන්තුවට.

ඒ තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා විධායක නිලධාරියෙක් තෝරා ගත්තා. කොන්සල් (Consul) කියලා හැඳින්වූ ඒ තනතුර තමයි ඩික්ටේටර් (Dictator) වෙලා පස්සේ ඔගස්ටස් (Augustus) හෙවත් එම්පරර් (Emperor) බවට පත්වෙන්නේ. නම මොකක් වුණත් එය සමාන වෙන්නේ අපේ ජනාධිපති තනතුරට. රෝම ජනරජය තමයි නූතන නියෝජක ප්‍රජාතන්ත්‍රයට ආසන්නතම මුල් උදාහරණය.

එම්පරර් සහ සෙනට් එක අතර හැමදාම බල අරගලයක් තිබුණා. ඩික්ටේටර් ජුලියස් සීසර්ව කිණිසිවලින් ඇනලා ඝාතනය කරන්නේ සෙනට් සභිකයන්. එහෙම කරන්නේ “ජනරජය” (Republic) ආරක්ෂා කරගන්න කියලා තමයි ඔවුන් කිව්වේ.. ඔවුන් හිතනවා ජුලියස් සීසර් රෝමයේ “රජු” බවට පත් වෙලා නැවත කිංඩම් (Kingdom) එකක් හැදෙයි කියා.

නමුත් සීසර්ව ඝාතනය කරපු එකෙන් ඇත්තටම වෙන්නේ රෝමයේ වැසියන් බලවත් කම්පාවට පත්වීමයි. සීසර්ගේ දේහය රෝමයේ පාරවල් දිගේ උස්සගෙන යනවා. රෝම වැසියන් හඬා වැටෙනවා. වැසියන් කලබල කරනවා. කැරළි ගහනවා. බලයට ගැටුම් ඇතිවෙනවා. රාජ්‍යය බිඳ වැටෙනවා. බල අරගලයක අන්තිමට සීසර්ගේ උරුමක්කාරයා ඔක්ටේවියන් රෝමය අධිරාජ්‍යයක් කරලා ඒකෙ අධිරාජයා වෙනවා. ඒ “ජනරජය” එතනින් කෙළවර වෙනවා.

 
 gettyimages 587489068 2

මේ සහසිද්ධිය තමයි ලංකාවේ තියෙන්නේ. විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න හදන්නේ එදා සෙනට් එක හිතපු විදිහටමයි. එකම තර්කනය. නමුත් එයින් ඇත්තටම වෙන්නේ ජනරජය බිඳ වැටිලා කවුරු හරි ප්‍රබල “රජෙකු” රාජ්‍ය බලය අල්ලා ගැනීමයි. එක්තරා විදිහකට ඒ ක්‍රියාවලිය දැන් සිදුවෙමින් පවතිනවා. මා මේ කියන්නේ වසරකින් දෙකකින් වෙන දෙයක් නොවෙයි.


ගෝඨාභය ජනපති ධූරයෙන් ඉවත් කිරීම සීසර්ව ඝාතනය කිරීම වගෙයි. “ගෝඨාභය සීසර්ට සමාන කරනවා” වගේ බොළඳ කියවීම් එපා. මේ කියන්නේ හේතු-ඵල කර්ම විභාගය ගැනයි. හරියටම කිව්වොත් ගෝඨාභය-මහින්ද දෙන්නව බලයෙන් ඉවත් කිරීම සීසර්ව ඝාතනය කිරීමට සමානයි. එයින් රාජ්‍යය තුළ බලවත් දේශපාලන අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා. ඒක තවම වැඩිය පේන්නේ නැහැ. නමුත් ජනරජයේ ජනතාව දැන් ඉන්නේ වෙන කවරදාකවත් නොතිබූ අවිනිශ්චිතතාවයකින්. ජනරජය පණ අදිනවා.


දැන් වෙන්නේ අර බල අරගලය. ආර්ථික අර්බුදය අස්සේ මේ කරගත්ත දේශපාලන වියවුල අවසාන වෙන්න බොහෝ දුරට ඉඩ තියෙන්නේ ජනරජය බිඳ වැටිලා.

සීසර්ට කිණිසිවලින් ඇන්නා වගේ තමයි පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීලා ගෝඨාභය-මහින්දට ද්‍රෝහී වීම. ඒ කිණිසිපාරවල් ඇනපු අය අතර ඉන්නවා විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, වාසුදේව නානායක්කාර, ගෙවිඳු කුමාරතුංග, ඩලස් අලහප්පෙරුම, සජිත් ප්‍රේමදාස, නාළක ගොඩහේවා, චන්න ජයසුමන, අනුර කුමාර දිසානායක සහ තවත් අය…

මහින්ද සහ ගෝඨාභය රාජපක්ෂවරුන්ට ගහන්න ගහන්න ඔවුන් තව තවත් ඔවුන්ගේ ජනතාව අතර ශක්තිමත් වෙනවා. ලෙජන්ඩ්ස් බවට පත් වෙනවා. අනුර කුමාර කියන “මහින්ද රාජපක්ෂ සංස්කෘතියේ” ඔවුන්ට ඊළඟට වෙන්න තියෙන්නේ දෙවිවරු විතරයි. ඒක වෙමින් තිබෙනවා. ඔවුන් ගැන ජනතාව හිත ඇතුළෙන් දුක් වෙනවා. හරියට සීසර් ගැන දුක් වුණා වගේ. ඔවුන්ගේ මිනිස් දුර්වලකම් ජනතාවට අමතක වෙලා ඔවුන්ගේ කරුණාව දයාව ශ්‍රේෂ්ටත්වය පමණක් පොදු ජනමනසේ ඉතුරු වෙනවා.


රාජපක්ෂවරු කියන්නේ විරුද්ධවාදීන්ට පුද්ගල සතුරන්. නමුත් ඔවුන් බෞද්ධ සිංහල සමාජයේ අයිකොන්ස් (icons). මේ කඳවුරේ ඉන්න අය යනවා නම් යන්නේ කඩේ නෙවෙයි. යන්නේ පන්සලේ දේවාලයට. ඒක අපේ විරුද්ධවාදීන්ට තේරුම් ගන්න අපහසු ප්‍රපංචයක්. ඒක එන්නේ බෞද්ධ සිංහල සංස්කෘතික උරුමය නමැති නොසිඳෙන උල්පතෙන් පෙඟිලා නැහැවිලා එයින්ම පණ පෙවිලා. මහින්දට බනින වාරයක් වාරයක් පාසා ඔහුගේ ජනතාව තව තවත් බෞද්ධ සිංහල වෙනවා. ඒක මාර වැඩක්.


බැසිල්-රනිල්-නාමල් අතර තියෙන්නේ ට්‍රයම්විරට් (triumvirate) එකක්ද මන්දා…

ඔක්ටේවියන් හෙවත් සීසර් ඔගස්ටස් කියන්නේ ජුලියස් සීසර්ගේ ඥාති මුණුබුරා. ජුලියස් සීසර් කියන්නේ ඔක්ටේවියන්ගේ මව් පාර්ශවයෙන් සීයා.

විධායක ජනාධිපති ධූරය අහෝසි කරලා බලන්න ආසයි නම් කරලම බලන්න.

බෞද්ධ සිංහල අධිරාජ්‍යය හදන්න හොඳම ක්‍රමය ඒක වෙන්නත් පුළුවන්...

කාලය කියලා දෙයක් නැහැ. තියෙන්නේ ප්‍රත්‍යයෙන් උපදින සිදුවීම් මාලාවක් විතරයි.


ධර්මය අපට මග වේවා!


ජවිපෙ බලය අල්ලන ගේම -(එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2022 ඔක්තෝබර් 10
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...