The Leader News
BREAKING
Top Ad
Opinion

හිත්ලර් පැටව් සහ නව ජාතිවාදය - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

October 18, 2022 • 7:42 AM

හිත්ලර් පැටව් සහ නව ජාතිවාදය - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ ප්‍රජාතන්ත්‍රයට සිටින දරුණුතම සතුරන් දෙදෙනෙකු තමයි මේ. ප්‍රජාතන්ත්‍රය කිරීමට ප්‍රතිවාදියා සිටිය යුතුයි. ප්‍රතිවාදියා නැත්නම් ප්‍රජාතන්ත්‍රයක්
  • එහි සංකේතය ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන් බවට න්‍යායාත්මකව ලකුණු කළේ නිර්මාල්.
  • එතනින් සිංහල බෞද්ධ බලය ඉවරයි” යනුවෙන් සෝබිත බෙරිහන් දෙන්නේ ඒ පදනමේ සිටයි.
  • එහි බිහිසුණු ප්‍රකාශනය තමයි මෙවැනි වෛරී කොමෙන්ටු.
අකුරු ප්‍රමාණය (Font Size):

අවශ්‍ය නැහැ. හැමෝම ඉන්නේ එකම මතයක නම් ප්‍රජාතන්ත්‍රයක් වෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රය නැති කිරීමට හොඳම ක්‍රමය තමයි ප්‍රතිවාදියා නැති කිරීම.


මේ දෙදෙනාම පෙනී සිටින්නේ තම ප්‍රතිවාදියා "අවසන්" කිරීමටයි. එනම් ප්‍රතිවාදියා නැති කිරීමටයි. එය ප්‍රජාතාන්ත්‍රික නැහැ. මෙය සමාන වන්නේ ජර්මනියේ නාසියන් විසින් දියත් කළ “ඇන්ටිසෙමිටික්” හෙවත් යුදෙව් විරෝධී ෆැසිවාදයටයි.


නිර්මාල් දේවසිරි මෑත කාලය තුළ කරන්නේ ඩීට්‍රික් එකාර්ට්ට සමාන කාර්යයක්. ඔහු තමයි ජර්මනියේ “යුදෙව් විරෝධී මනෝ පදනම” අහේතුකව නිර්මාණය කරන්නේ. නිර්මාල් තමයි ලංකාවේ "රාජපක්ෂවාදය" නමින් අහේතුක පොතක් ලියලා එයත් සමග සිංහල බෞද්ධ ජාතික අනන්‍යතාවය අතාර්කිකව ප්‍රලාපගත කරන්නේ.


එකාර්ට් තමයි ඇඩොල්ෆ් හිත්ලර්ට මාරක ගැම්ම දෙන සෛද්ධාන්තික පදනම නිර්මාණය කරන්නේ. නිර්මාල් තමයි ලංකාවේ සිංහල බෞද්ධ ප්‍රජාව ඒ ආකාරයට “යුදෙව්කරණය” කරන්නේ. ලංකාවේ ඉන්න නොම්මර එකේ “සිංහල බෞද්ධ බෑෂර්” තමයි නිර්මාල්. ඒ ව්‍යාපෘතියේ අල ගිය තැන් මුල ගිය තැන් ගැන පොතක් ලියන්න පුළුවන්. නමුත් එකාර්ට් වගේම නිර්මාල්ට ඒ ව්‍යාපෘතියේ ලැබිය යුතු තැන කවදාවත් ලැබෙන්නේ නැහැ. එය කර්මකයි.


දේවසිරිගේ සංකල්පීය හිත්ලර් පැටව් තමයි අරගලයේ උන්නේ. ඊනියා අරගලය හරියට පළමු නාසි හමුදාව විසින් බීර ශාලාවේ සිදු කළ පුච් කුමන්ත්‍රණයෙන් ආණ්ඩු බලය අල්ලන්න හැදුවා වගේ තමයි. “ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය” කියා ඒ නින්දිත කූවට හුස්ම පිම්බේ නිර්මාල් තමයි.


PHOTO 2022 10 18 12 54 33

අරගලකරුවන් හෙවත් හිත්ලර් පැටවුන්ගේ සතුරා සිංහල බෞද්ධ ජාතියයි. එහි සංකේතය ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන් බවට න්‍යායාත්මකව ලකුණු කළේ නිර්මාල්. “ගෝඨාභය ගියා. එතනින් සිංහල බෞද්ධ බලය ඉවරයි” යනුවෙන් සෝබිත බෙරිහන් දෙන්නේ ඒ පදනමේ සිටයි.


සිංහල බෞද්ධ ජාතිය මේ වන විට ජර්මනියේ යුදෙව් ජාතිය වැටුණට සමාන අඩියකට වැටිලා. ඔවුන්ට එරෙහිව නව මූලධර්මවාදී ආන්තික ජාතිවාදී කඳවුරක් හැදිලා. එය ඩයබොලිකල් කඳවුරක්. සිංහල බෞද්ධ ජාතිය සමූලඝාතනය කිරීමට තරම් වෛරයකින් පිරි සහ හැකි කඳවුරක්. එහි බිහිසුණු ප්‍රකාශනය තමයි මෙවැනි වෛරී කොමෙන්ටු.


මේවාට විරුද්ධ වෙන්න ශක්තියක් දැන් සිංහල බෞද්ධ ජාතියට නැහැ. නාමල් රාජපක්ෂටවත් නැහැ. ගෝඨාභයගේ වැරදි ගැන කියව කියව ඉන්නේ ඒකයි. සැබෑ සතුරාට මුහුණ දෙන්න බයයි. රාජපක්ෂවාදය හදපු නිර්මාල් ඒක දැන් කඩලා ඉවරයි. රාජපක්ෂවාදය කියන්නේ පුස්සක්. එහෙම එකක් ඇත්තටම නැහැ. අන්න ඒක තමයි නිර්මාල් මේ කියන්නේ. එයා අහේතුකව නිර්මාණය කළ සතුරා හොඳටම අසරණ වෙලා කියලයි මේ කියන්නේ.


මේක තමයි යථාර්ථය. දැන් තියෙන්නේ කුමන්ත්‍රණයෙන් අල්ලගන්න බැරි වුණ ආණ්ඩුව ඡන්දයෙන් අල්ලා ගැනීමයි. ලංකාවේ දේශපාලන වම-දකුණ කියන්නේ දැන් සෙලවෙන මනසට. දැන් ඉන්නේ සිංහල බෞද්ධ ජාතිය කම්මුතු කරන්න සැරසී සිටින නාසියන්. ඊට පස්සේ යුදෙව් සංහාරය පටන් ගනීවී. එකාර්ට්ට බැරි වුනාට ඒ සංහාරය සිය කුරිරු දෑසින් බලන්න නිර්මාල්ට ආයුෂ තිබේවි.


ධර්මය අපට මග වේවා!


ජවිපෙ බලය අල්ලන ගේම -(එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2022 ඔක්තෝබර් 17

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...