The Leader News
BREAKING
Top Ad
Opinion

ධම්මිකගේ දෑවැද්ද සහ නිර්මාල්ගේ දෑවැද්ද - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

October 28, 2022 • 7:09 AM

ධම්මිකගේ දෑවැද්ද සහ නිර්මාල්ගේ දෑවැද්ද - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ ප්‍රජාතන්ත්‍රයේ අඳුරුතම දිනය එනම් 2022 ජූලි 9 වැනිදා කර තිබූ මෙම ප්‍රකාශය නිර්මාල් දේවසිරි විසින් සිය ෆේස්බුක් ගිණුමේ ෂෙයාර් කර තිබුණා.
  • එම සටහන ආරම්භ කර තිබුණේ “Aragalaya Pit Stop:” ලෙසින්.
  • මෙම ප්‍රකාශිකාවගේ හැඟවුම පැහැදිලියි.
  • මේ කියන්නේ සාහසික අරගලකරුවන්ට ධම්මික පෙරේරාගේ නිවස “පිට් ස්ටොප්” එකක් විය යුතු බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉංග්‍රීසියෙන් ලියා තිබූ එම පෝස්ටුවේ පින්තූරයේ තිබෙන්නේ ධම්මික පෙරේරාගේ නිවස බව එහි ලියා තිබුණා.


එම සටහන ආරම්භ කර තිබුණේ “Aragalaya Pit Stop:” ලෙසින්. සුපිරි වේගයෙන් දුවන රේසින් කාර් තරගවල රෝද මාරු කරගෙන ඉන්ධන ගහගන්න නවත්වන තැනට කියන්නේ “පිට් ස්ටොප්” කියලයි. දුර ගමනක් යනකොට මදක් නැවතිලා කාලා බීලා විවේකයක් අරගෙන යන තැනටත් පිට් ස්ටොප් කියනවා. එහෙමත් නැත්නම් යන මාර්ගයෙන් තාවකාලිව වෙන පාරකට හැරිලා යන එකටත් පිට් ස්ටොප් කියනවා.


මෙම ප්‍රකාශිකාවගේ හැඟවුම පැහැදිලියි. මේ කියන්නේ සාහසික අරගලකරුවන්ට ධම්මික පෙරේරාගේ නිවස “පිට් ස්ටොප්” එකක් විය යුතු බවයි. ජනපති මන්දීරයට කඩා වැදී එහි පුරාවස්තුද ඇතුළත් පොදු දේපළ කෙලෙසීම සාධාරණය කළ ඉතිහාස මහාචාර්යවරයා මේ අනුමත කරන්නේ ධම්මික පෙරේරාගේ පුද්ගලික නිවසටත් අරගලකරුවන් පැමිණ “සබන් ගා පූල් එකෙන් නා" ගතයුතු බවයි.


මෙහි මුල් පෝස්ටුවට වගේම නිර්මාල්ගේ ෂෙයාර් එකටත් මිශ්‍ර ප්‍රතිචාර ලැබී තිබුණා. ත්‍රස්තානුකම්පකයන් විසින් ජුගුප්සාජනක ලෙස මෙයට සහාය පළ කර තිබුණා. ඒ වගේම ශිෂ්ට සම්පන්න වැසියන් විසින් මේ සාහසික ප්‍රකාශය හෙළා දැක තිබුණා. නිර්මාල් දේවසිරි මෙම ත්‍රස්තවාදී ප්‍රකාශය දිගටම සාධාරණය කළා. නමුත් මෙම ප්‍රකාශය හුදෙක් ඉරිසියාව මත පමණක් සිදුකළ එකක් නොවන බව මාගේ නිරීක්ෂණයයි.



313220131 512323287575081 7110186563069010047 n

ප්‍රකාශිකාවගේ තර්කය වුණේ ධම්මික පෙරේරා ජීවත් වෙන්නේ “විශාල බලකොටුවක” (Massive Fortress) නිසා ලංකාවේ ජනතාව වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට ධම්මිකට නොහැකි බවයි. සරලව කියනවා නම් ධම්මික පෙරේරාගේ නිවස ඔහු හදා ඇති “ආකාරය” නිසා ඔහුට ජනරජයේ ප්‍රතිපත්ති සෑදීමට හැකියාවක් නොමැති බවයි. එබැවින් අරගලකරුවන් එම නිවසට “පැමිණය” යුතු බවයි.


ඒ අනුව ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට තෝරාගැනීමේදී එම පුරවැසියන්ගේ “නිවසේ ප්‍රමාණය” පිළිබඳව දැන් නිර්ණායක හැදිය යුතුය. ජනතා නියෝජිතයන්ගේ නිවසේ තාප්පයේ උස, සාලයේ දිග පළල, කාමර සංඛ්‍යාව, කක්කුස්සියේ ඉඩ ආදී නිර්ණායක තීරණය කළ යුත්තේ මේ ප්‍රකාශිකාව විසින්ද නැත්නම් දේවසිරි විසින්ද නැත්නම් දෙදෙනා විසින්ද යන්න තවම පැහැදිලි නැත.


ප්‍රකාශිකාව උපාධිය ලබා ගන්නේ දේවසිරි උගන්වන කොළඹ විශ්වවිද්‍යාලයේය. එයද මහා විශාල බලකොටුවක් වැනිය. ඇය දැනට රැකියාව කරන්නේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේය. එම විද්‍යාලය නිර්මාණය කර ඇත්තේද සුවිසල් බලකොටුවක් ආකාරයෙනි. ධම්මික පෙරේරාත් ගෙවන බදු මුදලින් ඉදිකර නඩත්තු කරන විද්‍යාලයක අධ්‍යාපනය ලබා එම බදු මුදලින්ම වැටුප් ලබන ප්‍රකාශිකාව සහ දේවසිරි විසින් ධම්මික පෙරේරාගේ “ප්‍රජා නියෝජන අයිතිය” විනිශ්චය කිරීම හරි අපූරුය.


ප්‍රකාශිකාව මෑතක් වෙනතුරු සේවය කළ The Morning පුවත්පත අයිති දිලිත් ජයවීරගේ නිවසේ ප්‍රමාණය අනුව ජයවීරට ප්‍රතිපත්ති සම්පාදනය කළ හැකිදැයි ප්‍රකාශිකාව හෝ දේවසිරි තවම ප්‍රකාශ කර නැත.


කෙනෙකුට කිව හැක්කේ මෙය භාෂණයේ නිදහස බවයි. නමුත් මෙය භාෂණයේ නිදහස නොවේ. මෙය භාෂණයේ නිදහස අමු අමුවේ උල්ලංඝනය කිරීමයි. තමන්ගේ දේශපාලන ප්‍රතිවාදියාගේ පුරවැසි අයිතිය සාහසික ලෙස මර්දනය කිරීමයි. පුරවැසියාගේ නිවස කෙසේ විය යුතුද කියා තීරණය කරන අධිපති මානසිකත්වයයි. එම නිවසටත් “පැමිණ මදක් විවේක ගත යුතුය” කීම සාහසිකත්වයයි.

 

 

මේ වනාහී ඊනියා අරගලයේ පරස්පර යථාරූපයයි. “උපාධියක්වත් නැත්නම් ප්‍රතිපත්ති සම්පාදනය කරන්නට ඔබට බැහැ” යනුවෙන් කීමත් “නිවස ලොකු වැඩි නිසා ප්‍රතිපත්ති සම්පාදනය කරන්නට ඔබට බැහැ” යනුවෙන් කීමත් දෙකම ප්‍රජාතන්ත්‍ර විරෝධීය. මෙය නිර්ධන-ධනපති පන්ති ආරවුලකට එහා ගිය බුද්ධි විකෘතියකි. ජනරජයේ සෑම පුරවැසියෙකුටම ඇත්තේ සමාන පරමාධිපත්‍යයකි.

 

ධර්මය අපට මග වේවා!


ඩලස් සහ පුත්‍රයෝ - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2022 ඔක්තෝබර් 27

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...