The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

හොඳට ෆ්ලර්ට් කරන්න -Faculty of Sex

T

The Leader Desk

May 14, 2021 • 3:45 PM

හොඳට ෆ්ලර්ට් කරන්න -Faculty of Sex

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ෆ්ලර්ටින් කියන එකේ අදහස වෙන්නෙ කාව හරි ශෘංගාරාත්මක අවුස්සමින් ඉන්න අතර ඒක ලිංගික එක්වීමකින් පරිපූර්ණත්වයක් දක්වා අරගෙන නොයන තත්වයක්. තේරෙන වචනවලින් කිව්වොත් පෙරනවා විතරයි.
  • රැ පාටි එකක ඩාන්ස් කරලා ළඟින් ඉඳලා ඒක එතනින් එහාට අරගෙන යන්නෙ නැතුව ඩිස්මිස් වුනාම දැනෙන බංකොලොත් හැඟීම ෆ්ලර්ටින්වලින් ඇතිකරන්න පුළුවන්. ෆ්ලර්ටින් කියන්නෙ අනෙකාව අනුරාගයෙන් ඇවිස්සීම කියන එක.
  • ඒකෙන් වෙන්නෙ තමන්ගෙ පැවැත්මෙ සුවිශේෂී බව ගැන මතක් කිරීමක්.
  • හොඳ ෆ්ලර්ට් එකක් ඒකෙ දිශානතිය කල්ඇතුවම පැහැදිලි කරගන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ෆ්ලර්ටින් කියන එකේ අදහස වෙන්නෙ කාව හරි ශෘංගාරාත්මක අවුස්සමින් ඉන්න අතර ඒක ලිංගික එක්වීමකින් පරිපූර්ණත්වයක් දක්වා අරගෙන නොයන තත්වයක්. 
 
තේරෙන වචනවලින් කිව්වොත් පෙරනවා විතරයි. ඒක එක විදිහකට කෙනෙක්ව සෙඩියුස් කරලා ඒකෙන් වාසි අරගෙන මගහැරීමක් විදිහට දකින්නත් පුළුවන්.
 
රැ පාටි එකක ඩාන්ස් කරලා ළඟින් ඉඳලා ඒක එතනින් එහාට අරගෙන යන්නෙ නැතුව ඩිස්මිස් වුනාම දැනෙන බංකොලොත් හැඟීම ෆ්ලර්ටින්වලින් ඇතිකරන්න පුළුවන්. 
 
ෆ්ලර්ටින් කියන්නෙ අනෙකාව අනුරාගයෙන් ඇවිස්සීම කියන එක. හැබැයි ෆ්ලර්ටින් වලින් සිද්ද වෙන්නෙ ඉතාම අවශ්‍ය සුවිසල් සමාජ කාර්යයක්. කෙනෙක් ෆ්ලර්ට් කරද්දි ඒකට විෂය වෙන කෙනාට ආත්ම විශ්වාසයක් දැනෙනවා. එයාගෙ ආත්ම ගෞරවය ගැන හැඟීම් වැඩෙනවා. එයාට වටිනාකමක් දැනෙනවා.
  
 ෆ්ලර්ටින් කියන එක කසාදය වගේ ලියවුනු සීමා වුනු දෙයක් නොවෙන නිසා මේ හැඟීම් ලෝකය පුරාම එකිනෙකා අතර බෙදී යනවා. 
 
හැමෝටම ඉන්නවා ෆ්ලර්ට් කරන කවුරු හරි කෙනෙක්. ඒකෙන් වෙන්නෙ තමන්ගෙ පැවැත්මෙ සුවිශේෂී බව ගැන මතක් කිරීමක්.
 
ෆ්ලර්ට් කරන එක නවත්තන්න නෙමෙයි ඕන. වඩා සෞන්දර්යාත්මකව, ගෞරවනීය විදිහට ෆ්ලර්ට් කරන්න ඉගෙන ගන්න එකයි කරන්න ඕන.
 
 sdsd
 
එහෙම ෆ්ලර්ට් කරද්දි ඒකෙ අරමුණ වෙන්නෙම අනිත් කෙනා එක්ක තමන්ගේ පරිකල්පනයන්, හැඟීම් සහ රුචිඅරුචි අවකාශයන් බෙදාගැනීම.
 
 ඒ ෆ්ලර්ට් එක උපදින්නෙ අනිත් කෙනා ගැන ගෞරවයක් ආදරයක් එක්ක. එයාව අපිට විශේෂ විදිහට දැනෙනවා. අපි එයාට එයා කොයිතරම් විශේෂද කියල කියනවා. 
 
සමහර විට ඒක එයා කිසි කෙනෙකුගෙන් මෙතෙක් අහලා නොතිබෙන්න පුළුවන්. 
 
එතනදි ෆ්ලර්ට් කිරීම කියන්නෙ රැවටීමක් නෙමෙයි. අනිත් කෙනාගේ වඩාත්ම ආකර්ශනීය නිමේෂයන් එලියට මතුකරගැනීමක්. අපේ පරිකල්පන අවකාශය එයා එක්ක බෙදාගැනීමක්.
 
හොඳ ෆ්ලර්ට් එකක් ඒකෙ දිශානතිය කල්ඇතුවම පැහැදිලි කරගන්නවා. ඒක ලිංගික එකතුවීමක් දක්වා යනවද, එහෙම යන්නෙ නැද්ද, එහෙම වෙන්න හේතුව මොකක්ද කියන කාරනා ගැන ඒ පාර්ශ්වයන් දෙකම නිරවුල්. 
 
යම් විදිහකින් ලිංගික සම්බන්ධයක් දක්වා නොයනවා නම් ඊට හේතුව අනෙකාගේ දුර්වලකමක් හෝ අඩුපාඩුවක් නෙමෙයි කියන එක අනිත් කෙනාට විශ්වාසයි.
 
හොඳ ෆ්ලර්ට් එකකදි අපි සෙක්ස්වල තියෙන ඇත්තම තැන ස්පර්ශ කරනවා. සෙක්ස්වල තියෙන ආකර්ශනීයම දේ වෙන්නෙ ශාරීරික ක්‍රියාව නෙමෙයි. ඒ එකතුවීම පිටිපස්සෙ තියෙන බාරගැනීම කියන කාරණය. ඒක තමයි සෙක්ස් ආස්වාදනීය වෙන්න ලොකුම හේතුව. 
  
තමන්ගේ ඉතාම රළු, ප්‍රාථමික, කැතම තැනකදී පවා තමන්ව ආදරෙන් බාරගන්නා අනෙකා මුනගැහීම. තමන්ට නොයෙක් වස්ත්‍ර පොරවා නොගෙන නිරුවත්ව ඉඳිමින් ආදරය ලබන්න පුළුවන්වීම. 
 
සෙක්ස්වලදි අපි අපේ සාමාන්‍ය ජීවිතයෙදි පවත්වාගන්නා ගෞරවනීය තත්වයන් අත්ඇරලා දානවා. අපේ වඩාත්ම වල්මත් අනාරක්ෂිත මොහොත නිරාවරණය කරනවා. එතනදි අපිව බාරගැනීමයි සෙක්ස්වල දැනෙන පරමානන්දය.
 
සෙක්ස් කියන්නෙ සමෙන් සම ගැටීමේ ආස්වාදයක් නෙමෙයි. හොඳ ෆ්ලර්ට් කෙනෙක් මේක දන්නවා. කෝපි එකක් බොද්දි, ඔෆිස් එකේ වැඩ අතරෙදි, මුනගැහෙන අවසරයකදි වචනයකින් දෙකකින් මේ හැඟීම උපදවන්න හොඳ ෆ්ලර්ට් කෙනෙක්ට පුළුවන්. ඒක තමයි එයා දෙන තෑග්ග. එයා එක්ක කතා කරන හැමවෙලාවකම අනිත් කෙනාට තමන්ගේ උපරිම පැවැත්ම හැඟෙන එක.
 
dfds
  
හොඳ ෆ්ලර්ට් කෙනෙක් මේ දේවල් කියන විදිහට අහන් ඉන්න කෙනාට ජුගුප්සාවක් දැනෙන්නෙ නෑ. අපහසුතාවක් ඇති කරන්නෙ නෑ. ඒ වෙනුවට ආශක්තබවක් ඇතිවෙන්නෙ. කියන්න ඕන කරන වචන, කියන්න ඕන වෙලාව, කියන්න ඕන ස්වරය මේ දේවල් තමයි හොඳ ෆ්ලර්ට් කෙනෙකුගෙ තාක්‍ෂණය. හැබැයි එයා ඒ දේවල් කියන්නෙ චාටු කතා විදිහට නෙමෙයි. ඒවා එයා ඇත්තටම විශ්වාස කරන හින්ද. අනිත් කෙනාගෙ ඇසුර එයා ඇත්තටම අගය කරන හින්ද.
 
දෙන්නෙකුගෙ සම්බන්ධයක් ලිංගික සම්බන්ධයක් දක්වා නොයන්නෙ ඒ දෙන්නා අතර නොගැලපීමක්, ප්‍රතික්‍ෂේපයක් තියෙන හින්ද නෙමෙයි. ඒකට ගොඩක් දේවල් බලපාන්න පුළුවන්. අනවශ්‍ය ප්‍රශ්න ගොඩක් ඇවිත් ඒ දෙන්නා අතර තියෙන සම්බන්ධය පවා අවුල් කරයි කියන බය වෙන්න පුළුවන්. 
 
නමුත් හොඳ ෆ්ලර්ට් කෙනෙක් අනෙකාට ඇත්තටම අනුරාගීයි. එයා මේ ඇසුර ඇතුලෙ ශෘංගාර හැඟීම් විඳිනවා. නමුත් ඒක ශාරීරික ඇසුරකට නොයන මායිමක නවතිනවා. එහෙම වීම අනිවාර්යයක් නෙමෙයි. ඒක තෝරාගැනීමක්.
 
හොඳ ෆ්ලර්ට් එකකදි අනෙකාට තමන් හා ශාරීරිකව එකතු වුනාටත් වැඩි තෘප්තියක් දැනෙනවා. ඒ සමෙන් සම ගැටෙන මොහොත අඩුවක් විදිහට දැනෙන්නෙ නැතුව යනවා.
 
මේ පැවැත්ම ඔසවා තබන දැනීම දෙන්න පුළුවන් ලිංගික සංසර්ගයකින් පමණයි කියල හිතන එක සීමාවක්. 
 
ඇත්තටම ෆ්ලර්ටින්වලට පුළුවන් ලිංගික සංසර්ගයෙන් ඇතිකරන සබඳතා අවකාශයට වඩා විශාල පරිමාවක පැතිරෙන්න. ලිංගිකමය, දේශපාලනමය, මතවාදිමය, පවුල්මය, භූගෝලමය දුරස්ථකම් කොපමණ තිබුනත් ෆ්ලර්ට් එකක් පවතින්න පුළුවන්. 
  
උදා විදිහට සමාගමක ප්‍රධානියෙක් තේ කඩේක කෙල්ලෙක් එක්ක ෆ්ලර්ට් කරනවා වෙන්න පුළුවන්, විෂම ලිංගික තරුණියක් සමලිංගික තරුණයෙක් එක්ක ෆ්ලර්ට් කරනවා වෙන්න පුළුවන්. සංසර්ගමය මොහොතට වඩා ෆ්ලර්ට් එකක පරාසය විශාලයි. මිනිත්තු කීපයක් ඇතුලත ඒ ෆ්ලර්ට් එක විසින් කෙනෙකුට තමන් පිළිබඳ වඩා හොඳ, බලාපොරොත්තුසහගත හැඟීම් ඇතිකරනවා.
 
මේ විෂමතා ඇතුලෙ පවා ෆ්ලර්ට් එක සිද්ද වෙන නිසා එයින් ඉස්මතු කරන අනෙකාගේ ආකර්ශනීය කාරනා බොහෝවිට එයා කිසිදවසක අහලා නැති ඒවා වෙන්න පුළුවන්. එයාගෙ එදිනෙදා වපසරියෙදි ඒ සමාන ඇස්වලින් නොදකිනා දේවල් වෙන්න පුළුවන්. සමහර විට ඒ දක්ෂතා හෝ විශේෂතා තමන් තුල තියෙන වග ඒ පුද්ගලයා දැනගන්නෙත් ඒකෙන් වෙන්න පුළුවන්.
 
අපි ගැන ශෘංගාරාත්මකව ආශක්ත වෙන කෙනෙක් තමයි අපේ ඉන්ටිමේට්ම දේවල් දකින්නෙ. ඕනම කෙනෙක් කැමතියි තමන් තව කෙනෙකුගේ ආශාව හෝ අවධානය හෝ දිනාගන්න සමත් කියල දැනෙනවට. ඒක සමාජ පැවැත්මක් විදිහට පුද්ගල මානසික අවශ්‍යතාවයක්. ෆ්ලර්ටින්වලින් පිරිමැහෙන්නෙ මෙන්න මේක.
  
සාමාන්‍ය එදිනෙදා දවසක අපි මුහුන දෙන තැලෙන පෙලෙන, අපිව කුඩාකරන, අපේ ජීවිතය කළකිරවන දේවල් අතරදි කෙනෙක් අපිට ශෘංගාරාත්මකව ආශක්තවීම කාන්තාරෙක වතුර පොදක් වගේ දෙයක්. ඒක නිසා ෆ්ලර්ට් කෙනෙක් ඇත්තටම කරන්නෙ විශාල මානසික මෙහෙවරක්. 
 
අපේ කුඩාවීගෙන යන ආත්මය විසින් අමතක කළ අපේ විශාල සුන්දර ආත්මය අපිට මතක් කරන එක. මොන අසමත්කම් මැද වුනත් අපි තවමත් ආකර්ශනීයයි කියල ෆ්ලර්ට් කෙනෙක් අපිට දනවනවා.
 
fgfgt
 
සෙක්ස්වලින් ලැබෙන පැවැත්ම ගැන පරිපූර්ණ හැඟීම අපේ ජීවිතේ බාහිර දේවල්වලට බලපානවා. කාලයත් එක්ක ඇල්මැරෙන සෙක්ස් හුදු ශාරීරික ක්‍රියාවක් විතරක් වෙද්දි අපේ මානසිකත්වය ටිකෙන් ටික ඇදවැටෙනවා. ඒක අපේ සමාජ ජීවිතේ ඇතුලෙන් පේන්න ගන්නවා. අපේ කාර්යක්ෂමතාව අඩුවෙනවා. අපි දේවල් ගැන නෙගටිව් වෙනවා. ලේසියෙන්ම මළ පනිනවා. 
 
ෆ්ලර්ට් කෙනෙක් ඇත්තටම කරන්නෙ අපේ ඒ මිස්වුනු හැඟීම් පරිමාව යළි පුරවන එක. අපිව බැලන්ස් කරන එක. ඒක මානසිකව සුවපහසු සමාජයක් පවත්වාගෙන යන්න වැදගත්.
 
ෆ්ලර්ටින් කියන්නෙ ඇත්තටම ආකර්ශනීයභාවය කියන එක ප්‍රජාතන්ත්‍රීකරණය කිරීමක්. හැමෝටම ආකර්ශනීය වෙන්න ඉඩ සැලසීමක්. ඒක නිසා අඩුම තරමෙ ෆේස්බුක් පෝස්ට් එකකටවත් හාට් එකක්, හොඳ කමෙන්ට් එකක් දාලා තමන් ශෘංගාරයෙන් පසුවෙන අනෙකාව පුබුදන්න. එයාට මිනිත්තු කීපයක හරි සුන්දර හැඟීමක් ඇති කරන්න. හොඳ ෆ්ලර්ට් කෙනෙක් වෙන්න.
 
 
Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක 
facultyofsex.com
 

 

 


 

THE LEADER TV 

 

බැසිල් ගිය ඇත්ත හේතුව නාමල් පත්තු කරයි!

 

ස'ගේ මිතුරන් නිසා පවිත්‍රාට ඇමතිකමත් එපා වෙලා!‍

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...