The Leader News
BREAKING
Top Ad
Opinion

FLSP 4 වැනි සම්මේලනය : 'මේ කොදෙව්වෙන් එහා හැඟීමක්..' | Mahesh Hapugoda

T

The Leader Desk

March 1, 2026 • 2:42 PM

FLSP 4 වැනි සම්මේලනය : 'මේ කොදෙව්වෙන් එහා හැඟීමක්..' | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 4 වැනි සම්මේලනයට අද සහභාගී වෙන්න හැකිවුණා. මම හිතන්නේ ඒක ගොඩක් සාර්ථකයි කියල.
  • දීර්ඝ ලෙස ඔහු ඉංග්‍රීසියෙන් පැහැදිලිකළා ලෝක තත්වය, නව විජිතකරණය සහ අධිරාජ්‍යවාදය ගැන.
  • ඒක මේ වෙලාවේ ඇත්තටම වටින දෙයක්.
  • කුමාර් සහෝදරයා නැවත නැවත කිව්ව දෙයක් තමයි අලුත් සමාජවාදී අත්දැකීමක් (new socialist experience) ඕනි කියන එක.
අකුරු ප්‍රමාණය (Font Size):


විශේෂයෙන් ජාත්‍යන්තර සහයෝගීතාව එක්ක ලෝක සමාජවාදය පිළිබද දැක්මක් එක්ක ගත්තම ඒකෙ හරයාත්මක දෙයක් ගැබ්වෙලා තිබ්බ.

මතවාදී වෙනස්කම් තිබියදී පවා මම වගේ කෙනෙකුට එන්න කියන්න තරම් ලොකු හදවතක් තිබීම ඒ පක්ෂය පැත්තෙන් විප්ලවීය දෙයක් කියල හැඟුණ. ඒ වෙනුවෙන් කරන රෙස්පෙක්ට් එකක් එක්කයි මම ගියේ.

පක්ෂයේ අයට අමතරව වෙනත් අයත් සෑහෙන්න හිටිය මම හිතන්නේ.

විනාඩියක් දෙකක් පරක්කු වෙලා යනකොටත් කුමාර් සහෝදරයා කතාකරනවා. දීර්ඝ ලෙස ඔහු ඉංග්‍රීසියෙන් පැහැදිලිකළා ලෝක තත්වය, නව විජිතකරණය සහ අධිරාජ්‍යවාදය ගැන. ඒක මේ වෙලාවේ ඇත්තටම වටින දෙයක්. පසුව ඔහු දෙමළ බසින් සහ සිංහලෙන් සංක්ෂිප්තව කතා කළා. ලංකාවේ වමේ නායකයෙක් ලංකාවේ ප්‍රධාන භාෂා තුනෙන් ව්‍යක්තව කතාකිරීම ලොකු දේශපාලන හයියක්.

එතනම පොඩි මේ කොදෙව්වෙන් එහා හැඟීමක් ආව.

යම් හෙයකින් වමේ කිරුළ ජවිපෙන් ගිලිහෙනවා දැකල ඒක ගන්න පනිනවා වෙනුවට ලෝක සමාජවාදී අත්දැකීමක අවශ්‍යතාව තමයි සම්මේලනය පුරා දකින්න තිබ්බේ. කුමාර් සහෝදරයා නැවත නැවත කිව්ව දෙයක් තමයි අලුත් සමාජවාදී අත්දැකීමක් (new socialist experience) ඕනි කියන එක. යම් විකල්පයක් වෙනුවෙන් ඔවුන් සුදානම් වෙන බවක් පේන්න තිබ්බ. නමුත් ඒ හරියටම කුමක්ද කියන එක මේක තමයි බනිස් ගෙඩිය වගේ ලේසියෙන් වරනගන්න බැහැ කියන එක අපි තේරුම්ගන්න ඕනි. විශේෂයෙන් ගෝලීය වම වැටුනට පස්සේ අලුත් එක මොකක්ද කියල අපි කාටවත් කියන්න බැහැ තමයි.

නමුත් අරගලයෙන් පස්සේ ලාංකික සමාජය ගෝඨා පසුකළා වගේම රනිලුත් පසුකළා. ඔවුන් අද මාලිමාව ළඟ ඉන්නවා. හැබැයි නිසැක ලෙස ඔවුන් මාලිමාවත් පසුකරන්න අධිෂ්ඨාන කරගන්න පුළුවන්.

එදාට ඒ වෙනුවෙන් වේදිකාවක් තියෙන්න ඕනි. ඒ නිසා මේ උත්සාහය කමක් නෑ...

සුබ පැතුම්!

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

සබැඳි පුවත් :

'හිස්තැන පුරවන්න වම ගොඩ නගමු! ' - දුමින්ද නාගමුව

'මාලිමා ආණ්ඩුව මුළු රටත් ජනතාවත් පාවා දී අවසන්' - කුමාර් ගුණරත්නම්

'පන්තියට බලය-බලයට පක්ෂය' : පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 4වන ජාතික සමුළුව මාර්තු 1

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...