The Leader News
BREAKING
Top Ad
Opinion

'මේ ආණ්ඩුව හැමිල්ටන් වුණේ වැරදි පරම්පරාවක් එක්ක'- Mahesh Hapugoda

T

The Leader Desk

April 5, 2022 • 2:23 PM

'මේ ආණ්ඩුව හැමිල්ටන් වුණේ වැරදි පරම්පරාවක් එක්ක'- Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • භයානක සිහින දකින්නන් අවශ්‍ය කර තිබේ...
  • සිංහ කොඩිය අතේ තියාන '225හේ පුක කමු' කියන සටන් පාඨය තමයි හැම තැනම තියෙන්නේ.
  • අපි ඒක එහෙම කියන්න මැලි වෙන්න ඇති.
  • නිකම් හිතන්න 225හේ කතා කාරයෙකුට ඔය මයික් එක දුන්න නම් තවත් කතා කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ මතුවෙලා තියන හෑෂ්ටැග් අරගලය කොහේ නතර වේවිද කියන්න කාටවත් බැහැ. සාමකාමී විරෝධතා වල ඉඳල ප්‍රචණ්ඩ කුණාටුවක් දක්වා ඒක ගමන් කරන්න පුළුවන් විභවයක් දැන් පෙන්වනවා.

විශේෂයෙන් දේශපාලන ව්‍යුහයේ බරපතළ වෙනසක් කරන්න මේ ආණ්ඩුව දක්වන අසමත්කම නිසා මේ මිනිස්සු ඒ චණ්ඩ මාරුතය පැත්තට නිරායාසයෙන් තල්ලු වෙලා යනවා. පීඩනය විඳ දරා ගන්න අමාරුයි. ඒ නිසා පාලනය කරන්නත් අමාරු වේවි.

 
 
අනික් අතට මේක පාලනය කරන්න බැරි මේ ප්‍රවාහයේ කේන්ද්‍රය හොයා ගන්න බැරි නිසා. මේ ප්‍රවාහය පවත්නා සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා සුක්කානම කාගේ අතේවත් නැහැ. සිංහ කොඩිය අතේ තියාන '225හේ පුක කමු' කියන සටන් පාඨය තමයි හැම තැනම තියෙන්නේ.
 

පාර්ලිමේන්තු නියෝජිතයෝ දැක්ක දුටුව තැන හූ කියනවා. කිසිම විදියකට සැළකිල්ලක් නැහැ. එෆ් අකුරේ වචන කියන්න කිසිම මැලි කමක් නැහැ. අපේ පරම්පරාවෙන් ගොඩක් එළියේ තියන ප්‍රවාහයක් මේක.

අපේ දේවල් තොපි කෑවා, හෝ කනකම් බලන් හිටියා හිටියා. දැන් අපි තොපේ පුක කනවා. ඒක තමයි කියන්නේ.

අපි ඒක එහෙම කියන්න මැලි වෙන්න ඇති. ඒ නිසා අපි නිකම් ප්‍රේක්ෂකයෝ විතරයි.


DRTERT(ඊයේ කෑගල්ල @සුජීව රණතුංගගේ කැමරාව)


කෑගල්ලේ පෙළපාලියේ මැදදී ඩෙස් කබලක් උඩට වයස විසි පහක විතර කොල්ලෙක් නැංගා. ඌ කිව්වේ මෙච්චරයි. ජාති ආගම් මුකුත් නැහැ. අපි කියන්නේ මුංට යන්න කියල විතරයි. දේපළ හානි කරන්න එපා. විනාඩි දෙකයි කතාව ඉවරයි. පස්සේ කෙල්ලක් නැංගා. අපිට බඩගිනියි. තොපි පලයව්. විනාඩි තුනයි. ඒකත් ඉවරයි. නිකම් හිතන්න 225හේ කතා කාරයෙකුට ඔය මයික් එක දුන්න නම් තවත් කතා කරනවා. ඒකයි වෙනස.

මම හිතන්නේ ගෝඨා ගේන්න මුල් වෙච්ච සෙට් එකේ ගොඩක් මෙතන ඉන්නවා. ඒ කියන්නේ චිත්‍ර ඇඳපු සෙට් එක. යක්කු වගේ මුන්ට මකබෑවෙන්න කියල කියනවා.

ඒක ඇතුලේ යූ. එන්. පී., ජේ. වී. පී., ශ්‍රී ලංකා කාටවත් ලොකු දෙයක් කරන්න බැහැ. විශේෂයෙන් මේ දක්වා එක එක විදියට කොළඹ දේශපාලනය හසුරුවපු සෙට් එක මේ ප්‍රවාහය ඇතුලේ නරඹන්නෝ විතරයි.

ඒ වගේම මේක ඇතුලේ තියන ලොකුම සටන් පාඨය තමයි 'මේ ආණ්ඩුව හැමිල්ටන් වුණේ වැරදි පරම්පරාවක් එක්ක' (You fucked with a wrong generation) කියන එක.
 

මම කියන්නේ මේක ලොකුවට කළමණාකරණය කරන්න ඕනි නැහැ කියල. ඉන් අදහස් කරන්නේ විනයක් සහ සීමාවක් ඕනි නැහැ කියන එක නෙවෙයි. මේ පවත්නා කාලකන්ණි දේශපාලනය ඕනිම නැහැ කියන එයාල යන්නේ එයාලත් දන්නේ නැති සිහිනයක් දිහාවට කියන එක.
 


ඒක අපේ පරම්පරාව දෙපාරක් දැක්ක සිහිනයක්. දෙපාරක් පොඩි පට්ටම් කරපු සිහිනයක්. මෙයාලගේ සිහිනය අපේ සිහිනයම නොවෙන්න පුළුවන්. ඒක එහෙම වෙන්න ඕනිත් නැහැ.

එයාලත් දන්නේ නැති සිහිනයක් කියන්නේ භයානක සිහිනයක් වෙන්න පුළුවන්. ඒත් භයානක සිහින දකින්නන් තමයි මේ ලෝකෙට ඕනි.

You may dream dangerously!

ජය!

 
Mahesh Hapugoda 1 1(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

 


The Leader TV අද වීඩියෝ 
 
 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...