The Leader News
BREAKING
Top Ad
Opinion

ආණ්ඩුවේ ලොකුම හතුරා තමන්ගේම අතීතයයි | Gamini Viyangoda

T

The Leader Desk

May 3, 2026 • 10:39 AM

 ආණ්ඩුවේ ලොකුම හතුරා තමන්ගේම අතීතයයි | Gamini Viyangoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුවේ ලොකුම හතුරා වර්තමාන විපක්ෂය නොව, තමන්ගේම අතීතයයි.
  • ලෝක වෙළෙඳපොළේ හැටියට අපේ තෙල් මිල ඉහළ දැමීමට ආණ්ඩුවක් මොකටදැයි අතීතයේ දවසක ඔවුන් ප්‍රශ්න කළ බව, අද සිට නැවතත් තෙල් මිල ඉහළ දමා ඇතැයි ඇසූ විට මට මතක් විය.
  • සාමාන්‍යයෙන් මැයි මාසයට අදාළ මාසික ඉන්ධන මිල සංශෝධනය අප්‍රේල් 30 වැනිදා සිදු කිරීමට නියමිතව තිබුණද, එදින එය සිදු නොවුණු අතර මෙලෙස මිල ඉහළ දැමීම සිදුවූයේ ඉන් දින දෙකකට පසුවය.
  • * ඔක්ටේන් 92 පෙට්‍රල්: ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ දමා ඇති අතර, නව මිල රු.
අකුරු ප්‍රමාණය (Font Size):

අද ආණ්ඩුව කරන කියන සෑම දෙයකම නිර්දය විවේචකයා වන්නේ, ඔවුන්ම අතීතයේ කළ කී දේවල් ය.

ලෝක වෙළෙඳපොළේ හැටියට අපේ තෙල් මිල ඉහළ දැමීමට ආණ්ඩුවක් මොකටදැයි අතීතයේ දවසක ඔවුන් ප්‍රශ්න කළ බව, අද සිට නැවතත් තෙල් මිල ඉහළ දමා ඇතැයි ඇසූ විට මට මතක් විය.

GaminiViyangoda
(සටහන | ගාමිණී වියන්ගොඩ)

ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr

උපුටා ගැනීම - Gamini Viyangoda ෆේස්බුක් පිටුවෙන්...

 



ජනපතිගේ අනාවැකියෙන් පසුව ඉන්ධන මිල ඉහළට: නව මිල ගණන් මෙන්න


ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මැයි දින රැලියේදී පලකල අනාවැකියෙන් පසුව, ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ.

සාමාන්‍යයෙන් මැයි මාසයට අදාළ මාසික ඉන්ධන මිල සංශෝධනය අප්‍රේල් 30 වැනිදා සිදු කිරීමට නියමිතව තිබුණද, එදින එය සිදු නොවුණු අතර මෙලෙස මිල ඉහළ දැමීම සිදුවූයේ ඉන් දින දෙකකට පසුවය.

මෙම නව මිල සංශෝධනයට අනුව ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළ නව ඉන්ධන මිල ගණන් පහත පරිදි වේ.

* ඔක්ටේන් 92 පෙට්‍රල්: ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ දමා ඇති අතර, නව මිල රු. 410කි.

* ඔක්ටේන් 95 පෙට්‍රල්: ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර, නව මිල රු. 470කි.

* ලංකා සුදු ඩීසල්: ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර, නව මිල රු. 392කි.

* සුපිරි ඩීසල්: ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර, නව මිල රු. 458කි.

* භූමිතෙල්: ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර, නව මිල රු. 265කි.


මෙම ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මැයි 01 වන දා පැවැති ජාතික ජන බලවේගයේ මහරගම මැයි දින රැලිය අමතමින් ජනතාවට ඉඟියක් ලබා දී තිබුණි. ගෝලීය බලශක්ති ක්ෂේත්‍රයේ මේ වන විට නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී මෙරට ඉන්ධන මිල ගණන් සුළු වශයෙන් ඉහළ යා හැකි බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, ඉන්ධන මිල එලෙස ඉහළ ගියද, ජනතාව මත පැටවෙන ආර්ථික පීඩනය අවම කිරීම වෙනුවෙන් අවශ්‍ය සහනාධාර ලබාදීමට රජය කටයුතු කරන බවද හෙතෙම එම මැයි දින රැලියේදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

කෙසේ වෙතත් අප්‍රියල් 30 වන දා ඉන්ධන මිල ඉහළ නොදමා , මැයි දිනය දා විපක්ෂයට මාතෘකාව ලබා නොදීමට ආණ්ඩු උපක්‍රමිකව උත්සාහ දැරූ බවට ඇතැම් පාර්ශව චෝදනා කරති.

01 oil


 සබැඳි පුවත :
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට - ලංකාවේ ඉහළට !

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආණ්ඩුවේ ලොකුම හතුරා තමන්ගේම අතීතයයි | Gamini Viyangoda | The Leader