The Leader News
BREAKING
Top Ad
Opinion

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගෙන් Gender පොලිසියක් - (ජයනී අබේසේකර)

T

The Leader Desk

December 16, 2022 • 7:18 PM

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගෙන් Gender පොලිසියක් - (ජයනී අබේසේකර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම උදෙසා ජාතික ප්‍රතිපත්තියක් ගොඩනැගීමේ
  • කාන්තා කටයුතු අමාත්‍යාංශයක් පවා නැතිව තිබියදි මෙවැනි ප්‍රතිපත්තියක් හදන්න රටේ ජනගහනයෙන් 52%ක් නියෝජනය කරමින් දැනට පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරියන් මේ ගන්න උත්සාහය ප්‍රශංසනීයයි.
  • විශේෂයෙන් අර තඩි පිරිමි ගොඩ මැද්දේ මේ ගැහැනු 12 මෙවැනි ප්‍රතිපත්තියක් හදන්න මුලපිරුවා කියන්නේම අගය කළ යුතු දෙයක්.
  • විශේෂයෙන්ම මේ ජාතික ප්‍රතිපත්තිය නීතියක් බවට පත් කරගන්න තිබෙන ඉඩකඩ පිළිබඳවත් අවධානයෙන් ඉන්න තත්ත්වයක එය ගැටලු සහගත බව තමයි අනෝමාගෙ යෝජනාවට ප්‍රතිචාර වශයෙන් දැක්වුන අදහස.
අකුරු ප්‍රමාණය (Font Size):

පළමු පියවර දැන් තබා තිබෙනවා. ඒ කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ මූලිකත්වයෙන්.

කාන්තා කටයුතු අමාත්‍යාංශයක් පවා නැතිව තිබියදි මෙවැනි ප්‍රතිපත්තියක් හදන්න රටේ ජනගහනයෙන් 52%ක් නියෝජනය කරමින් දැනට පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරියන් මේ ගන්න උත්සාහය ප්‍රශංසනීයයි.

විශේෂයෙන් අර තඩි පිරිමි ගොඩ මැද්දේ මේ ගැහැනු 12 මෙවැනි ප්‍රතිපත්තියක් හදන්න මුලපිරුවා කියන්නේම අගය කළ යුතු දෙයක්.

මේ ලේඛනය මූලික කරගෙන සමාජ කතිකාවක් ගොඩනැගීමට පහසුකම් සපයන්නේ One Text ආයතනය. ඊයේ දවසේ මේ පිළිබඳව කොළඹ පැවැති සාකච්ඡාවකට සම්බන්ධ වෙන්න මටත් අවස්ථාවක් ලැබුනා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඊට සම්බන්ධව හිටියා වගේම ඒ වැඩේට ඇය දුන්න බර ඇගේ ක්‍රියාශිලි සහභාගිත්වය තුළම පෙනෙන්න තිබුනා.

"ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි අන්තගර්තව ඇති සැමට සමානාත්මතාව යන මූලික ප්‍රතිපත්තිය, ජාත්‍යන්තර ප්‍රඥප්ති හා ගිවිසුම් වෙත ඇති බැඳීම් සහ ජාතික ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරී සැලසුම් මත පදනම්ව තිබෙන අතර හිමිකම්වල සමානාත්මතාව සහ මානව අභිමානය කෙරෙහි ගෞරවය යන පුලුල රාමුව තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාව හඳුනාගනී." (1කෙටුම්පත)

මෙම ප්‍රතිපත්තිය මූලික තේමා 7ක් යටතේ ඉදිරිපත් කර තිබෙනවා.

1 අනන්‍යතාව සහ ස්වාධීනත්වය
2 ආර්ථික සවිබල ගැන්වීම සහ ඵලදායී රැකියා නියුක්තිය
3 සමාජ සමානාත්මතාව සහ සවිබල ගැන්වීම
4 තීරණ ගැනීමේදී සමානාත්මතාව
5 යුක්තිය සහ සාමය හා ආරක්ෂාව කරා ප්‍රවේශය
6 ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් නිදහස
7 ගැහැණු ළමයා


anomaසාකච්ඡාව තුළ අදහස් දක්වපු සිනමාවේදිනි අනෝමා රාජකරුණා දිගින් දිගටම කියා සිටියේ මාධ්‍ය යන්න මෙයට වෙනම තේමාවක් හැටියට එකතු විය යුතු බව. හැබැයි එහෙම එකතු වීමේදී මතුවෙන්න පුලුවන් අභියෝග ගැටලු ගැනත් සාකච්ඡාවෙදි මතුවුනා. විශේෂයෙන්ම මේ ජාතික ප්‍රතිපත්තිය නීතියක් බවට පත් කරගන්න තිබෙන ඉඩකඩ පිළිබඳවත් අවධානයෙන් ඉන්න තත්ත්වයක එය ගැටලු සහගත බව තමයි අනෝමාගෙ යෝජනාවට ප්‍රතිචාර වශයෙන් දැක්වුන අදහස.

zsdඒ වගේම මෙය නීතියක් බවට පත් කරගන්න උත්සාහ කරනවා නම් මේ අඩංගුව එහෙම පිටින් නීතියක් බවට පත් කළ නොහැකි බවට තිබෙන සීමා මොනවද කියන එක නීතිඥ ශිරාල් ලක්තිලක පෙන්වලා දුන්නා. විශේෂයෙන් මෙහි එන 3 පරිච්ඡේදයේ අඩංගු සමාජ, ආර්ථීක අයිතිවාසිකම් තහවුරු කිරීමේ තිබෙන අභියෝගය.

Gender යන්නට ස්ත්‍රී පුරුෂ සමාජභාවීය යන්න යොදා ගැනීම විසින් අනෙක් ලිංගිකයන් මඟහැරී ඇති බවත් එම නිසා ස්ත්‍රී පුරුෂ යන්න වෙනුවට සමාජභාවීය යන්න පමණක් යොදා ගැනීම සුදුසුය යන්නත් සාකච්ඡාවේදි මතු වුනා.  




dfeeධම්ම දිසානායකගේ අදහස් දැක්වීමට තමයි මම වැඩියෙන් ආකර්ශනය වුනේ. ධම්ම ඉතාම නිරවුල්ව පැහැදැලි කළා මේ ප්‍රතිපත්තිය, නීතියක් බවට පත් කර ගැනීම තරම්ම ඊටත් වඩා මේ සම්බන්ධව සමාජ ව්‍යාපාරයක් ගොඩනැගීමේ තිබෙන වැදගත්කම. මොකද අපි මොන මොන ජාත්‍යන්තර ප්‍රඥප්ති සම්මුතිවලට අත්සන් කරල තිබුනත් මෙවැනි ප්‍රතිපත්ති හැදුවත් මේවා නීති බවට පත් වුනත් සෑම සියලු ක්ෂේත්‍රයකම කාන්තාවන් හැටියට අපි අත්දකින තත්ත්වයේ වෙනසක් නෑ.

ඒ නිසා නීති හදන ගමන්ම, අපේ ආකල්පමය වෙනසක් සඳහා පාසල් අධ්‍යාපනයේ ඉඳලම සිදුවිය යුතු වෙනස්කම් ගැන ධම්ම විස්තර කළා. ළමා වියේ ඉඳලම අමර සහ සාමා (දරුවා සහ දැරිය) අතර සහසම්බන්ධයක් ගොඩනගන්න මිශ්‍ර පාසල්වල අවශ්‍යතාවත් ධම්ම අවධාරණය කළා. මොකද මානව හිමිකම් ගැන කතා කරන සංවිධානවලත් තරුණ ගැහැනියක් රස්සවට ගන්නකොට දරුවෝ හදන්න හිතනවද කියල ප්‍රශ්න කරනවා නම්, පීරියඩ් අපහසුතාවක් කිව්වම ඇත්තටම පීරීයඩ් වෙලා තියෙන කියල බලන්න ඕන කියනවා නම්, අනිත් ඕනෑම ආකාරයක අපහසුතා, හිංසන ඒ තුළත් අත්දකිනවා නම්.... පාර්ලිමේන්තුවේ පිරිමි මන්ත්‍රීවරු මන්ත්‍රීවරියන්ට වම්බටු ගහන කතා කියනවා නම්...මන්ත්‍රීවරියන් පෙරළ ගන්න හැටි ගැන කතා කියනවා.... රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම තත්ත්වය මෙය නම් ජාතික ප්‍රතිපත්ති හදලා ඒවා නීති කරල විතරක් ම පළක් නෑ.

ලිංගිකත්වය, ස්ත්‍රී ශරීරය, ස්ත්‍රීන්ගේ පිරිමින්ගේ අනෙකුත් ලිංගික වරණයන් සහිත වූවන්ගේ, දරුවන්ගේ අයිතිවාසිකම් ගැන විවෘතව කතාකරන ප්‍රශ්න කරන සමාජයක් හැදෙන්නේ නිකන්ම නෙවෙයි. හැම විටම ඉතිහාසයේ සිදුවුනා වගේ දැන් සිදුවෙමින් තිබෙනවා වගේ ඒ අරභයා සමාජයේ යම් පිරිසකට කරන්න වෙන සමාජ, දේශපාලන කැපකිරීම ඇතුලේ. එහි ප්‍රතිඵලය අදට නැතත් හෙටට ඉතිරි වෙයි.

ඒ අර්ථයෙන් පාර්ලිමේන්තුවේ ඉන්න ගෑනු 12 මේ ගත්ත උත්සාහයට සැලියුට් කරන ගමන් මේ ගැන සමාජ සංවාදයක් හදන එක අපි හැමෝගෙම වැඩක් වෙන්න ඕන.

Gender Police 5

Gender Police 1

Gender Police 2

Gender Police 4


jayani(ජයනි අබේසේකර)
සිවිල් සමාජ ක්‍රියාකාරිනි හා
මාධ්‍යවේදිනී

jayaniabeysekara89@gmail.com


(ජයනි අබේසේකරගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්න ලදී)

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...