The Leader News
BREAKING
Top Ad
Opinion

#godayamu : ඉරිසියාකාර වමේ කතා - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

November 19, 2022 • 5:25 AM

  #godayamu : ඉරිසියාකාර වමේ කතා - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගොඩයමු සාමූහිකයට උදව් කරන්නෙ වාණිජ මණ්ඩලයේ ව්‍යාපාරිකයො කියල වාමාංශිකයො සහ එරන්ද ගිනිගේ වැනි ජාතිකවාදියො ලොකු සද්දයක් අරගෙන යනවා. මේ අය ඒක කියන්නෙ ගොඩයමු.එල්කේ වෙබ් එකේ
  • මුදල් උපයන්නන් දුෂ්ටයන් ලෙස හැඳින්වීමේ පොදු බාල මානසිකත්වය ඇතුලෙම මේ අය දිගටම තමන්ගේ ප්‍රලාප සමාජගත කරමින් ඉන්නවා.
  • රටේ මේ ව්‍යාපාර ඇද වැටුනොත් රැකියා අහිමි වෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ගැන වම්මුන්ට අව‍‍බෝධයක් නැති බව පැහැදිලියි.
  •  ඒ අයගේ පරම කොමියුනිස්ට් සමාජය උදාවන තුරු මේ මිනිස්සු ජීවත් වෙන්න ඕන.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රසිද්ධියෙම දාලා තියෙන විස්තරය උපුටා දක්වමින්.

මේ හැරුනු කොට තවත් අයට මේ වෙනුවෙන් උදව් වෙන්න කියලත්, ඒ වෙබ් අඩවියේ මූලික අයිතිය මම නියෝජනය කරන ඇඩ්වර්ටයිසින් ඒජන්සියේ කියලත් දක්වා තියෙනවා. මේ අයට අදාල වෙන්නෙ අර වෙළද ප්‍රජාවට තියෙන වි‍රෝධය විතරයි. මුදල් උපයන්නන් දුෂ්ටයන් ලෙස හැඳින්වීමේ පොදු බාල මානසිකත්වය ඇතුලෙම මේ අය දිගටම තමන්ගේ ප්‍රලාප සමාජගත කරමින් ඉන්නවා.

ලක්මාලි හේමචන්ද්‍ර කියල කෙනෙක් මේ ගැන පෝස්ට් එකක් ලියමින් කියන්නෙ මේ වෙළඳ ප්‍රජාව රටේ බදු ගෙවන්නෙ අඩුවෙන් ලු. වැඩියෙන් ගෙවන්නෙ ජනතාව ලු. එතකොට මේ වෙළඳ ප්‍රජාවෙ ඉන්නෙ ජනතාව නෙමෙයිද? ඔය අනිත් ජනතාව ගෙවන හැම වක්‍ර බද්දක්ම මේ ප්‍රජාව ගෙවන්නෙ නැද්ද? මේ අයගෙ සමාගම් වල රැකියා කරන්නෙ ජනතාව නෙමෙයිද? ඒ දහස් ගණනක් ජනතාව ජීවත් වෙන්නෙ වාමාංශික ව්‍යාපාරවල කැට සල්ලි එකතු කරලද? රටේ මේ ව්‍යාපාර ඇද වැටුනොත් රැකියා අහිමි වෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ගැන වම්මුන්ට අව‍‍බෝධයක් නැති බව පැහැදිලියි.

 ඒ අයගේ පරම කොමියුනිස්ට් සමාජය උදාවන තුරු මේ මිනිස්සු ජීවත් වෙන්න ඕන.

අපේ සාමූහිකයේ යෝජනා අරගෙන අපි රටේ බොහෝ පිරිස් ළගට ගියා. බොහෝ අය අපිට උදව් කළා. වාණිජ මණ්ඩලය කියන්නෙ අපේ වෙබ් අඩවියට සහ තවත් මුද්‍රණ ප්‍රකාශනවලට උදව් කරපු පිරිසක් විතරයි. මේ හැරුණු කොට අපිත් එක්ක රටේ තැන් තැන්වල කතා පවත්වන අය, ලිපි ලියන අය, වීඩියෝ හදන අය, මේ පුවත් පළ කරන වෙබ් අඩවි ආදී විශාල පිරිසක් තමන්ගේ ශ්‍රමයෙන් හැකියාවෙන් රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් තමන්ගේ දායකත්වය දෙනවා. ඒ කිසිවකට කිසි කෙනෙක් මුදල් අය කරන්නෙ නෑ. නමුත් වමට පේන්නෙ මුදලින් සුළු අනුග්‍රහයක් දක්වන පිරිස් පමණක් වීම ඒ අයම ශ්‍රම දායකත්වය නොසලකා හරින තරම ගැන හොඳම උදාහරණයක් වෙනවා.


ඕනෑම තරාතිරමක කෙනෙකුට පුළුවන් ගොඩයමු සාමූහිකයට එකතු වෙන්න. අවශ්‍ය වෙන්නෙ මේ රටේ අවම ආර්ථික ප්‍රතිංසංස්කරණ කළ යුතු බවට විශ්වාස කිරීම විතරයි. මුදල් ඇති අය ගැන ඉරිසියාවෙන් පෙළෙන වම්මුන්ට පුළුවන් චෝදනා කරමින්, ආර්ථිකය කඩාකප්පල් කරන ක්‍රියාවල යෙදෙමින් තමන්ගේ පටු දේශපාලන ව්‍යාපෘති අරන් යන්න. ඒක මේ රටේ පවතින ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස.

 

Chinthana D

 

 



(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
#godayamu #truepatriotlk

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...