The Leader News
BREAKING
Top Ad
Opinion

#GOHOMEGOTA : ජාතිවාදය වැපුරු කලාකරුවන්ට ලොන්ඩරියක් - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

April 14, 2022 • 10:26 AM

#GOHOMEGOTA : ජාතිවාදය වැපුරු කලාකරුවන්ට ලොන්ඩරියක් - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැන් දැන් සිදුවන විදියට රාජපක්ෂ ක්‍රමය හදපු හා එයින් ඵල නෙළපු, ජාතිවාදය වපුරමින් මුදල් ගරාගත්ත ඇතැම් කලාකරුවන්ට ලොන්ඩරි දාන්න
  • වෙනස් කළ යුත්තේ රොටිය ඒ පැත්ත, මේ පැත්ත දමන තැටිය වන රාජපක්ෂ ක්‍රමය මිස රොටියේ පැත්ත නොවන බව මතක තබාගන්න.
  • ඔක්කොම එක නම්, ඒ අතරින් මතුවන අය නායකයින් ලෙස පිළිගැනීමත් ගැටලුවක් විය නොහැකිය.
  •   අලුත් නායකයන් හඳුනාගත්තොතත් ඔවුන් මර්දනයට ලක්වනු ඇතැයි කීම ද නායකත්වයන් මතුවීම වැළැක්වීම සඳහා කදිම උපායකි.
අකුරු ප්‍රමාණය (Font Size):

අරගලය පාවිච්චි වෙන බවක් පෙනෙනවා.

රාජපක්ෂවාදී කලාකරුවන් පසුපසින් ඊළඟට එකතුවන්නේ නිලධාරීන් සහ දේශපාලකයන්ය. උන් බලන්නේ ඊළඟ ආණ්ඩුවටත් සෙට්වෙන විදියකි. වෙනස් කළ යුත්තේ රොටිය ඒ පැත්ත, මේ පැත්ත දමන තැටිය වන රාජපක්ෂ ක්‍රමය මිස රොටියේ පැත්ත නොවන බව මතක තබාගන්න.

ඔය කලාකරුවන්ගේ සංකේත වටිනාකම් වැදගත් යයි සැලකීමම ගතානුගතික අදහසකි. අපට අවශ්‍ය මේ ක්‍රමයේ පූර්ණ පරිවර්තනයකි.

ලංකාවේ අර්බුදයේ ප්‍රධාන කොටසක් වන්නේ නායකත්වයයි. අප අලුත් නායකයන් සොයා නිර්මාණය කරගත යුතුය. එය විසඳුමේම කොටසකි.

මේ අරගලය තුළින් අලුත් තරුණ නායකයන් ඉදිරියට ගත යුතුයි. පසුගිය දිනවල අරගලය තුළින් එවැනි තරුණ නායකත්වයන් මතුවනු දක්නට ලැබිණි. එහෙත්, දැන් හිටිහැටියේ අපට නායකයන් නැහැ, අපි ඔක්කොම එකයි ආදී කතා ඇසේ. ඔක්කොම එක නම්, ඒ අතරින් මතුවන අය නායකයින් ලෙස පිළිගැනීමත් ගැටලුවක් විය නොහැකිය.

 

අරගලය තුළින් නායකයන් බිහිවීමට අකැමැති අයට ඒ සඳහා හේතු තිබිය හැකිය. ගතානුගතික නායකත්වයන් තහවුරු කිරීම, අරගල හයිජැක් කිරීම, අයාලේ යැවීම වැනි අරමුණු ඒ අතර තිබිය හැකිය.

 

අලුත් නායකයන් හඳුනාගත්තොතත් ඔවුන් මර්දනයට ලක්වනු ඇතැයි කීම ද නායකත්වයන් මතුවීම වැළැක්වීම සඳහා කදිම උපායකි.

මේ අතර ඇතැමෙකු පරම්පරා වෙනස අවධාරණය කරති. මා සිතන අන්දමට නම් එය හීනමාන ලක්ෂණයකි. අප තරුණ නායකත්වයක් ඉල්ලද්දි තරුණයන්ය කියන අය පරම්පරා වෙනස්කම් සමග වයෝභීතිකාව හෙවත් gerentophobia ප්‍රවර්ධනය කිරීම කණගාටුවට කරුණකි.

 

අරගලය තුළින් නායකයන් නිර්මාණය කරගැනීමේ අවස්ථාව අත්හැරේ නම්, පරණ මැදිවියේ දේශපාලනඥයන් ලබන සතිය වන විට අරගලය අත්පත් කරගනු නියතය. අරගලය අයාලේ යාමට හෝ වැඩකට නැති අපතයන් පිරිසක් අතට පත්වීමට වඩා එය හොඳ විය හැකිය.

 

ප්‍රජාතන්ත්‍රවාදය යනු ඕනෑම කෙනෙකුට නායකයකු වීමට සාධාරණ අවස්ථා ලබාදීම මිස ඔක්කොම නායකයන්ය හෝ නායකයන් අවශ්‍ය නැත යන ප්‍රලාපය නොවේ. නායකත්වය අතිශය වැදගත්ය.



ප්‍රියන්ත කුමාර නමින් මොබ් ප්‍රචණ්ඩත්වය පිටුදකින්න -අජිත් පැරකුම් ජයසිංහ(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk




Leader Whats app

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

#GOHOMEGOTA : ජාතිවාදය වැපුරු කලාකරුවන්ට ලොන්ඩරියක් - (අජිත් පැරකුම් ජයසිංහ) | The Leader