The Leader News
BREAKING
Top Ad
Opinion

'එන පොට එතරම් හොඳ නැ, තැලෙන්නෙ ගෝඨාබය' -ආචාර්ය නලින් ද සිල්වා පොහොට්ටුවට අනතුරු අඟවයි

T

The Leader Desk

September 18, 2019 • 2:55 AM

'එන පොට එතරම් හොඳ නැ, තැලෙන්නෙ ගෝඨාබය' -ආචාර්ය නලින් ද සිල්වා පොහොට්ටුවට අනතුරු අඟවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එන පොට නම් එතරම් හොඳ නැති බවත් ශ්‍රීලනිප - පොහොට්ටු ගැටුමෙන් අවසාන වශයෙන් තැලෙන්නෙ ගෝඨාභය හා සිංහලයන්
  • ඔහු එබව සඳහන් කර ඇත්තේ, වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් ජාතික චින්තන 'කාලය' FB පිටුවට විග්‍රහයක් ඉදිරිපත් කරමිනි.
  • යන ශීර්ෂයෙන් යුතුව පළකර ඇති එම සටහනේ ඔහු මෙසේද සඳහන් කරයි.
  •   ඒත් එන පොට නම් එතරම් හොඳ නැති බව කියන්න ඕන.
අකුරු ප්‍රමාණය (Font Size):

බවත් ප්‍රවීන දේශපාලන විචාරකයකු වන ජාතික චින්තනයේ ප්‍රධානි ආචාර්ය නලින් ද සිල්වා පවසයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් ජාතික චින්තන 'කාලය' FB පිටුවට විග්‍රහයක් ඉදිරිපත් කරමිනි.

සිංහලයන්ට අබ සරණ ද? යන ශීර්ෂයෙන් යුතුව පළකර ඇති එම සටහනේ ඔහු මෙසේද සඳහන් කරයි.

''ඊයේ නෙළුම් කුළුණ විවෘත කිරීමේ උත්සවයේ දී මෛත්‍රිපාල තරමක උද්වේගයකින් කතා කරලා. අර චීන සමාගම ගැන කී දේ නොකියා සිටියා නම් හොඳයි. මා කියන්නේ නැහැ මහින්දගේ ආණ්ඩුව තව්තිසාවෙන් පහළ වූ ආණ්ඩුවක් කියා. ඒකෙත් දූෂිතයන් හිටියා. ඒත් මහින්දවාදීන් කැමති නැහැ ඒ ආණ්ඩුවේ කිසිම වරදක් දකින්න. ඒ වගේ ම ඔවුන් කැමති නැහැ මෛත්‍රිපාලගෙ කිසිම හොඳක් දකින්න.sep 18 Text 1 

ඒත් එන පොට නම් එතරම් හොඳ නැති බව කියන්න ඕන. මේ සියල්ලෙන් අවසාන වශයෙන් තැලෙන්නෙ ගෝඨාභය හා සිංහලයන්. පොහොට්ටුවට හා ශ්‍රී ල නි පක්‍ෂයට එකතු වීමට තියෙන ඉඩකඩ එන්න එන්න ඇහිරෙනවා. මෛත්‍රිපාල හා මහින්ද මැදිහත් වී යමක් නොකළහොත් සිංහලයන්ට අවුරුදු සියයකටවත් නැගිටින්න බැරි වේවි.

අද ධර්මපාල දිනයේ එහෙම කියන්න වෙච්ච එක කණගාටුවට කරුණක්. ධර්මපාලතුමාට අවශ්‍ය වුණෙ සිංහලයන් නැගිට්ටවන්න.

පොරොන්දු කඩකරන්නෙ මෛත්‍රිපාල විතරක් නො වෙයි. දේශපාලනඥයන් ඉපදිලා තියෙන්නෙ පොරොන්දු කඩන්න. අපේ වැරුද්ද අප ඒ පොරොන්දු මත පදනම් වෙලා බලාපොරොත්තු ඇති කර ගන්න එක. රාජපක්‍ෂවාදීන් මෛත්‍රිපාලට දොස් කියන්නෙ ඔහු පමණක් දේවදත්තයා ලෙස සලකමින්. 

sep 18 Text 2මෛත්‍රිපාල ඊනියා යහපාලනයට එක් වුණු එක වැරදියි. එහෙත් ඔහු නිකම් ම බලලෝභයෙන් එහි ගියා නොවෙයි. අවශ්‍ය ම නම් එස් බී දිසානායකගෙන් අහන්න. ඔහු කතා කරාවිද යන්න නම් ප්‍රශ්නයක්. මෛත්‍රිපාල ඒ නොවැම්බරයේ යන බව ඇතැමුන් දැන සිටියේ දින කිහිපයකට කලින්.

ආප්ප රාත්‍රිය හුදු නාට්‍යමය ප්‍රබන්ධයක් පමණයි. ශ්‍රී ල නි පක්‍ෂයේ ඇතැමුන් එදා සිටියේ යනව නම් ගියාවෙ කියන මානසිකත්වයෙන්. මා අදත් කියනවා ඇතැමුන් මෛත්‍රිපාල ඊනියා යහපාලනයට යැවූ බව. අද ඔවුන් මෛත්‍රිපාල සජිත් වෙතට යවන්න සූදානම්.

මට අවශ්‍ය වූයේ මහින්ද හා මෛත්‍රිපාල එකතු කරන්න. රනිල් අගමැති කමෙන් ඉවත් කරන්න. ඒ හුදු පෞද්ගලික ආශාවක් නො වෙයි. ජාතිකත්ව දේශපාලනයකට එය අවශ්‍ය වුණා. මගේ ගෝලයන් යැයි කී පිරිස් මට සිරිජාතිකවාදියා කියමින් පරිභව කරද්දි අපහාස කරද්දි මා මහින්ද මෛත්‍රිපාලට ශක්තිය දිය යුතු බව කියා සිටියා. ඇතැමුන් කිව්වේ ශක්තිය දෙන්න මයිලෝ බොන්න කියා.

කෙසේ වෙතත් පහුගිය ඔක්තෝම්බරයෙ රනිල් ඉවත් කරලා මහින්ද අගමැති කරන්න මෛත්‍රිපාල ක්‍රියා කළා. මෛත්‍රිපාල එය ඔක්තෝම්බර් විප්ලවය ලෙස හඳුන්වනවා. මට නම් විප්ලව නැහැ. කොහොම නමුත් එදා යම් ගණුදෙනුවක් සිද්ධ වුණා. අප තවමත් එහි විස්තර දන්නෙ නැහැ.

 2019 දීත් මෛත්‍රිපාල ජනාධිපති අපේක්‍ෂකයා කරන බවට පොරොන්දුවක් වුණා ද? අප විශ්වාස කරන්නේ අපේ පැත්තෙ අය කියන දේ විතරයි. ඒකට මගේ ගෝලයො කියන පිරිස්. ඔවුන් විශ්වාස නොකරන්නෙ මා කියන දේ.

ඒ දින පනහේ ආණ්ඩුව ව්‍යවස්ථා විරෝධීය යන මතය එ ජා පෙරමුණ, ජ වි පෙරමුණ, දෙමළ ජාතික සංධානය එකට එක් වී ප්‍රචාරය කළා. ඒත් රනිල් 2015 අගමැති වුණෙත් සුළුතරයක් ඇති ව බව ඔවුන් අමතක කරනවා. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට පුළුවන් තම මතය අනුව පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසයක් ඇති අය අගමැති ලෙස පත් කරන්න. මෙහි වැදගත් වචන තම මතය අනුව යන්නයි. මෛත්‍රිපාල ගණුදෙනුවකට අනුව වුවත් එදා කෙළේ නිර්භීත වැඩක්. පොහොට්ටුවේ අය ඒ බව පිළිගන්න කැමති නැහැ. ඔවුන් කියන්නේ අගමැති වීම මහින්දට පාඩුවක් කියා.

කෙසේ නමුත් අදත් රනිල්ට එ ජා පෙරමුණ ලෙස ගතහොත් බහුතරයක් නැහැ. රනිල් උදම් අනන්නේ බහුතරයක් නැතිව වුවත් ආණ්ඩුව මෙච්චර කල් පවත්වා ගෙන ගියා කියලා. අදත් රනිල් ඉවත් කරන්න පුළුවන්. එහෙත් එදත් දින පනහේ ආණ්ඩුව පවත්වා ගෙන යන්න පොහොට්ටුවෙ ඇතැමුන් උත්සාහ ගත්තෙ නැහැ. ඒකත් එස් බී ගෙන් ම දැනගන්න පුළුවන්.sep 18 Text 3 

ඒ ආණ්ඩුව පිහිටුවා දින කිහිපයකින් මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් රාශියක් පොහොට්ටුවට එක් වුණා. ඔවුන්ගෙ මන්ත්‍රී ධුර බේරුණෙ මහින්ද අමරවීර එජනි සංධානයේ ලේකම් ලෙස යැවූ ලිපියක් නිසයි. මෛත්‍රිපාල කියන්නේ මේ ලිපිය ගැනයි. ඒත් පොහොට්ටුවෙ උද්ධච්ඡයන් මේ කිසිවක් ගණන් ගන්නේ නැහැ. උද්ධච්ඡයන් සිතන්නේ තමන්ට කොහොමත් දිනන්න පුළුවන් කියා.

පොහොට්ටුවත් ශ්‍රී ල නි පක්‍ෂයත් දරදඬු ස්ථාවර ගන්නා බව පේනවා. ඔවුන්ට එකතු වීම ප්‍රශ්නයක් වේගෙන එනවා. එ ජා පෙරමුණෙත් අර්බුද තියෙනවා. මැතිවරණ කොමිසම එක් පක්‍ෂයකට හෝ පක්‍ෂ කිහිපයකට හෝ තම ප්‍රශ්න විසඳා ගැනීමට කල් දෙන බව පේනවා. නාම යෝජනා දින ප්‍රකාශ කිරීම අනවශ්‍ය ලෙස කල් දානවා.

මේ තත්වය තව දින කිහිපයක් පැවතුණොත් ජනාධිපතිවරණය තුන් කොන් සටනක් වෙන්න ඉඩ තියෙනවා. ගෝඨාභය පොහොට්ටුවේ ලකුණෙනුත් කරුණාරත්න ජයසූරිය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයෙනුත් සජිත් මෛත්‍රිපාලගේ සහාය ඇතිව මොකක් හරි පක්‍ෂයකිනුත් තරග කරන්න ඉඩ තියෙනවා.

අනුර රනිල්දාස, ඒබ්‍රහම් සුමන්තිරන් කරුණාරත්න ජයසූරියට සහාය දේවි. මෙය ඉතා භයානක තත්වයක්. සජිත් වෙතට මෛත්‍රිපාල යවා අපි කිව්වෙ එයා විශ්වාස කරන්න බැරිය කියා උදම් ඇනුවට වැඩක් වෙන්නේ නැහැ. මහින්ද මෛත්‍රිපාල ඉක්මණින් එකඟත්වයකට ආවෙ නැත්නම් සිංහලයන්ට අබ සරණයි.''

Nalin silva(කාලය FB පිටුවෙන් උපුටා ගන්න ලදී)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'එන පොට එතරම් හොඳ නැ, තැලෙන්නෙ ගෝඨාබය' -ආචාර්ය නලින් ද සිල්වා පොහොට්ටුවට අනතුරු අඟවයි | The Leader