The Leader News
BREAKING
Top Ad
Opinion

උපුල් හා සුදර්ශන නීතිඥවරුන්ට එරෙහි වෛරී ප්‍රකාශ -අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

December 12, 2019 • 11:58 AM

උපුල් හා සුදර්ශන නීතිඥවරුන්ට එරෙහි වෛරී ප්‍රකාශ -අජිත් පැරකුම් ජයසිංහ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම ඡායාරූපයේ දැක්වෙන සිද්ධිය මෙසේ ය. කෝට්ටේ පන්සලක භික්ෂූන් දෙනමක් ඝාතනය කිරීමේ සිද්ධියක සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥ සුමිත් සිල්වාට ගංගොඩවිල අධිකරණ භූමිය තුළදී ම බිම දමාගෙන අමානුෂික ලෙස පහර දෙන ලදී. සිදුවීම වුණේ 2012 මාර්තු මාසයේදී ය.
  • පහර දීමට භික්ෂූන් ද සහභාගි වී ඇති අතර උපාසිකාවක් නීතිඥයාගේ හිසේ සිට කෙළ පඩික්කමක් පෙරළා ඇත.  2015 වසරේදී කොටදෙනියාවේ සේයා දැරිය දූෂණය කර මරා දැමූ සිද්ධිය ඔබට මතක ද?
  • එය සිදු කළේ තමා බවට දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා නම් සැකකරු පාපොච්චාරණය කළ බවට පොලිසිය මුලින් පැවසී ය.
  • පසුව පැවසුවේ එය සිදු කළේ දුනේෂ් ප්‍රියශාන්ත නම් සැකකරු නොව සමන් ජයලත් නම් ඔහුගේ වැඩිමහල් සහෝදරයා බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එම පහර දීම කළේ අදාළ සැකකරුවන් වෙනුවෙන් නීතිඥයන් පෙනී නො සිටිය යුතු බවට අධිකරණයේ උද්ඝෝෂණයක් කළ බෞද්ධ භික්ෂූන්, උපාසක, උපාසිකාවන් ඇතුළු පිරිසේ සිටි අය බව වාර්තා විය. පහර දීමට භික්ෂූන් ද සහභාගි වී ඇති අතර උපාසිකාවක් නීතිඥයාගේ හිසේ සිට කෙළ පඩික්කමක් පෙරළා ඇත. 

2015 වසරේදී කොටදෙනියාවේ සේයා දැරිය දූෂණය කර මරා දැමූ සිද්ධිය ඔබට මතක ද? එය සිදු කළේ තමා බවට දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා නම් සැකකරු පාපොච්චාරණය කළ බවට පොලිසිය මුලින් පැවසී ය. පසුව පැවසුවේ එය සිදු කළේ දුනේෂ් ප්‍රියශාන්ත නම් සැකකරු නොව සමන් ජයලත් නම් ඔහුගේ වැඩිමහල් සහෝදරයා බවයි. මෙම සැකකරු පසුව ඒ සම්බන්ධයෙන් වරදකරු බව ඔප්පු වී මරණ දඬුවමට ලක් විය. 

අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙන වධහිංසනයට ලක්කරන ලද දුනේෂ් වෙනුවෙන් මෙන් ම ඒ සම්බන්ධයෙන් නිරපරාදේ අත්අඩංගුවට ගත් පාසල් සිසුවකු වෙනුවෙන් ද නීතිඥයන් පෙනී නොසිටිය යුතු බවට උද්ඝෝෂණ පැවතුණු බව මතක ය. 

කෙසේ වෙතත්, දුනේෂ්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් උදුල් ප්‍රේමරත්න නොමිළේ පෙනී සිටි අවස්ථාවේදී ද නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහන කරන ඊනියා මාධ්‍යකරුවෝ ඔහු අන්දා නම කැත කරන්නට උත්සාහ කර අසාර්ථක වූ හ.

දුනේශ් සහ උදුල්

udul and kondayaනීතිඥයන් කරන්නේ වෘත්තික සේවාවකි. ලංකාවේ පවත්නා නීතිය අනුව හා එක්සත් ජාතීන්ගේ විශ්ව මානව හිමිකම් ප්‍රකාශය අනුව ද සෑම සැකකරුවෙකුට ම සාධාරණ නඩු විභාගයක් සඳහා අයිතියක් ඇත. 

එසේම, සැකකරුවකු වරදකරුවකු යයි සැකයකින් තොරව ඔප්පු වන තුරු ම එම සැකකරු නිර්දෝෂී පුද්ගලයෙකි. සාධාරණ නඩු විභාග සඳහා නීතිඥ සහාය අත්‍යවශ්‍ය ය. යම් සැකරුවෙකුට නීතිඥ සහාය අහිමි කිරීම පුද්ගලයකුගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි.

පැහැරගැනීමට ලක් වුණ බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටි අප මිත්‍ර නීතිඥ දෙපලක් වන උපුල් කුමරප්පෙරුම සහ සුදර්ශන ගුණවර්ධන වෛරයට ලක්වීම හා ඔවුන්ට එරෙහි වෛරී ප්‍රකාශ පැනනැගී තිබෙන අලුත් ම ගැටලුවයි.

උපුල් කුමරප්පෙරුම ජනතා විමුක්ති පෙරමුණ සමග සමීපව කටයුතු කිරීම සමග ඔහුගේ වෘත්තිය පටලවාගැනීම මුග්ධකමකි. උපුලුත්, සුදර්ශනත් මානව හිමිකම් වෙනුවෙන් කටයුතු කරන්නේ පක්ෂ දේශපාලනයට බොහෝ ඉහළිනි. 

මානව හිමිකම් සම්බන්ධ නඩුවලදී ඔවුන් මුදලට ප්‍රමුඛතාව නොදෙන බව මම හොඳින් ම දනිමි. සපයන සේවාව වෙනුවෙන් මුදල් ලබාගැනීමෙහි ද කිසිදු වරදක් නැත.

නිදහස් නීතිඥයන් යනු වෘත්තිකයන් පිරිසකි. ඔවුන්ට රජයෙන් වැටුප්, විශ්‍රාම වැටුප් ගෙවන්නේ නැත. ඔවුන් ජීවත් විය යුතු ය. අනාගතය සුරක්ෂිත කරගත යුතු ය. එය ඔවුන්ගේ අයිතියකි. වෘත්තිකයන්ට තම කාර්යය කරන්නට නිදහස නැති යුගයකට අප නැවත පිවිසෙමින් තිබෙන බව පෙනේ.

(අජිත් පැරකුම් ජයසිංහ - praja.lk)


මෙම ලිපියත් කියවන්න: ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ කතා හා පැහැරගෙන යාම්

සබැඳි පුවත් :
ස්විට්සර්ලන්ත නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ට තර්ජන !

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...