The Leader News
BREAKING
Top Ad
Opinion

ජනපතිගෙන් විවෘතව අහන්නේ - මොහුට දෙන දඬුවම කුමක්ද?

T

The Leader Desk

February 6, 2020 • 10:21 AM

ජනපතිගෙන් විවෘතව අහන්නේ - මොහුට දෙන දඬුවම කුමක්ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිදහස් දින ජනාධිපතිගේ කතාව මම අගය කෙරුවා වගේම ඒ කතාවෙන් ජනාධිපති පොරොන්දු වූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්
  • එය “විකල්පවොයිස්” ගිණුමෙහි තිබූ සටහනකට පිළිතුරු ලෙස තැබූවකි.
  • මරණවා තොපි ඔක්කොම ආයේ ඔය රෙද්දෙ භාෂාවෙන් ගායනා කරන්න ඉල්ලුවොත්.” එයට සාක්ෂි සඳහා ඒ ෆේස්බුක් සටහනේ ඡායාරූපයක් මෙහි තබනවා.
  • මෙවැනි අන්තවාදීන් 2007 අංක 56 දරණ ICCPR පනත යටතේ වහා අත්අඩංගවට ගෙන නඩු පවරන්න අවශ්‍යයයි.
අකුරු ප්‍රමාණය (Font Size):

වෙනුවෙන් සහ සියලු අන්තවාදයන්ට එරෙහි ප්‍රකාශ වෙනුවෙන් අපිත් විවෘතව පෙනී සිටිය යුතු යැයි කීව්වේ, මේ රට තවමත් විඳවන වාර්ගික, ආගමික බෙදීම්, ගැරහීම්, කොන් කිරීම් සියල්ල වහා අත්හල යුතු නිසයි. එවැනි අනාගතයක් සඳහා සමාජ කතිකාවක් සමග සමාජීය එකඟතාවක්ද අවශ්‍ය නිසයි.  

අවාසනාවකට ජනාධිපතිගේ ඒ කතාව ගැන පසුදින මගේ අදහස් දැක්වීම පළකරන්නටත් කලියෙන්ම තම රැකියාව ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු යැයි ඇඟවෙන අයුරු ෆේස්බුක් ගිණුමෙහි සඳහන්කර ඇති රංග ශ්‍රී පීරිස් නැමැත්තෙකු පළාතම ගඳ ගස්සන, ඉතාම මෘග අන්තවාදී සටහනක් ඔහුගේ ෆේස්බුක් ගිණුමෙහි තබා තිබිණ.

එය “විකල්පවොයිස්” ගිණුමෙහි තිබූ සටහනකට පිළිතුරු ලෙස තැබූවකි. එය කියවූ විගස කාරණාව තේරුම් ගන්න පහසුයි. ජනාධිපතිගේ අවධානය සඳහා එය මෙසේ උපුටා තබනවා.

“ජාතික ගීය ගායනා කළ යුත්තේ සිංහල බසින් පමණයි... තොපිට ඕනෙ ඕනෙ විදියට එක එක භාෂවෙන් ගායනා කරලා ජාතික ගීය වේසාකමේ යොදවන්න බැහැ. මරණවා තොපි ඔක්කොම ආයේ ඔය රෙද්දෙ භාෂාවෙන් ගායනා කරන්න ඉල්ලුවොත්.”

එයට සාක්ෂි සඳහා ඒ ෆේස්බුක් සටහනේ ඡායාරූපයක් මෙහි තබනවා.

ballek

මෙවැනි වනචාරීන්ට ජනාධිපති විසින් ප්‍රතිඥා දුන් සාමකාමී, දියුණු, විනයගත ශ්‍රී ලංකාවේ ඉන්නට ඉඩ දෙන්න බැහැ. මෙවැනි අන්තවාදීන් 2007 අංක 56 දරණ ICCPR පනත යටතේ වහා අත්අඩංගවට ගෙන නඩු පවරන්න අවශ්‍යයයි.  
 
ඒ නිසා කිසිදු ආකාරයක භේදයකින් හා වෙනස්කම් වලින් තොර සමාජයක් වෙනුවෙන් ජනාධිපති දුන් ප්‍රතිඥාවන් ඉටුවේ යැයි බලා සිටින සියල්ලන් දැන් බලාගෙන ඉන්නේ ජනාධිපති මේ රංග ශ්‍රී පීරිස් නැමැති අන්තවාදී වනචරයාට එරෙහිව වහා පියවර ගන්නේද නැද්ද කියා යි.

එයම ජනාධිපති ඔහුගේම අනාගත අපේක්ෂා ඉටු කරන්නට කැප වන්නේද නැතිද යන්නත් පරීක්ෂාවට ලක් කරන්නක්.
 
හෙට රංග ශ්‍රී පීරිස් අත් අඩංගුවට ගන්නේද නැතිද යන්න ඒ නිසා අපි බලමු.

(කුසල් පෙරේරා - ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී)

 

සබැඳි පුවත් :

බලාපොරොත්තු ඇති කළ කතාවක් : ''නිදහස් දින ජනපති ප්‍රතිඥා අනිවාර්යෙන් ක්‍රියාත්මක කළ යුතුයි'' -දේශපාලන විචාරක කුසල් පෙරේරා  

සාමුහික අනාගතයක් වෙනුවෙන් තීන්දුවක් ගනිමු! - කුසල් පෙරේරා ගේ 'නිදහස් දින' සටහන

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...