ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මෙම යථාර්ථය මණ්ඩලයේ සේවක සේවිකාවන් ද අවබෝධ කරගත යුතු යැයි දීප්ති කුමාර අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ වාදුලිබල මණ්ඩලය ප්‍රතිසංස්කරණය කළ යුතු යැයි රටේ බොහෝ දෙනකු පිළිගන්නා බවයි.
තත්ත්වය එසේ වුව ද සේවක පාර්ශ්වයෙන් ඉදිරිපත් කරණ කරුණු පිළිබඳව ද සලකා බැලිය යුතු යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




