The Leader News
BREAKING
Top Ad
Opinion

අනුර කුමාර ගේ සහ ආර්. ප්‍රේමදාසගේ වෙනස දන්නවා ද...? Ideas front වීඩියෝවක්

T

The Leader Desk

September 25, 2025 • 5:47 AM

අනුර කුමාර ගේ සහ ආර්. ප්‍රේමදාසගේ වෙනස දන්නවා ද...? Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමන්ට වඩා දක්ෂ මිනිස්සු කළමනාකරණය කිරීම සඳහා හිටපු ජනපති ආර්. ප්‍රේමදාස දක්ෂ වූවා යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ දැනට මෙරටෙහි සිදුවන සියලු කටයුතු ජනාධිපති කාර්යාලය කේන්ද්‍රියව සිදුවන බවයි.
  • එයින් හැඟි යන්නේ ජනාධිපතිට පමණක් වැඩ පිළිවෙළක් තිබෙනවා බඳු යැයි හෙතෙම වැඩි දුරටත් පැහැදිලි කළේ ය.
  • මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ආර්. ප්‍රේමදාස එසේ වුව ද අනුර කුමාර සහෝදරයා සහ සමස්ත ජවිපෙ ම බලය යනු නිධානයක් යැයි සිතා සිටින්නේ යැයි හෙතෙම අවධාරණය කළේ ය. එමෙන් ම අනුර කුමාර ජනාධිපතිවරයා ප්‍රමුඛ ජවිපෙ බලය බෙදා ගැනීමට බියක් දක්වන්නේ යැයි ද දීප්ති කුමාර අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ දැනට මෙරටෙහි සිදුවන සියලු කටයුතු ජනාධිපති කාර්යාලය කේන්ද්‍රියව සිදුවන බවයි. එයින් හැඟි යන්නේ ජනාධිපතිට පමණක් වැඩ පිළිවෙළක් තිබෙනවා බඳු යැයි හෙතෙම වැඩි දුරටත් පැහැදිලි කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...