ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මෙබඳු හැසිරීම් තවමත් පවතින්නේ යටත් විජිත ව්‍යුහ හේතුවෙන් යැයි හෙතෙම අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මෙරට පවතින අධිකරණ පද්ධතිය ජනරජයක අධිකරණ පද්ධතියක් බවට පත් කර ගැනීමට රටක් ලෙස අපිට නොහැකි වූ බවයි. එමෙන් ම අධිකරණය කෙරෙහි සාමාන්‍ය ජනතාව තුළ විශ්වාසයක් නොපවතින්නේ නම් එය ඉතා භයානක තත්ත්වයක් බව ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




