ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එමෙන් ම එය පැවසීමෙන් තමන් අදහස් කරන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා තමාට සමීප යැයි පැවසීම නොව දෙදෙනා ම කළ දේශපාලනය සමාන්තර යැයි ඔප්පු කිරීම බව ද හෙතෙම අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ තමන් සහ දීප්ති ආණ්ඩුව වෙත විවේචනයක් ඉදිරිපත් කරන්නේ නම් ඒ, සාධනීය විවේචනයක් බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




