ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් දීප්ති කුමාර පැවසුවේ ජේ. ආර්. එසේ වුව ද මාලිමා ආණ්ඩුව ඉදිරිපත් කරන අදහස් බහුතරයක් අදාළ වන්නේ ඔවුන්ගේ ම පංතියට පමණක් බවයි. බන්ධනාගාර ප්‍රතිසංස්කරණය කෙරෙහි ජනතා විමුක්ති පෙරමුණ යොමු නොවීම ඒ සඳහා හොඳ ම උදාහරණයක් ලෙස ගත හැකි යැයි දිප්ති පැහැදිලි කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ඕනෑම ආණ්ඩුවක් බලයට පත් වූ වහා ම කළ යුතු ප්‍රතිසංස්කරණ කළ යුතු බවයි. ඊට හේතු ලෙස ඔහු සදහන් කළේ බලය ලබා ගන්නා ඕනෑම ආණ්ඩුවක ජනප්‍රියත්වය ක්‍රමක්‍රමයෙන් පහළ බසින බවයි.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එබඳු වෙනස්කම් කරමින් සිටිය දී වුව ද පළාත් පාලන මැතිවරණයේ දී ආණ්ඩු පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය පහළට වැටුණු ආකාරය එයට හොඳ ම උදාහරණයක් යැයි හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




