ඔහු මෙම පැනය විමසුවේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් දීප්ති කුමාර පැවසුවේ මේ වන විට සංස්කෘතික අමාත්‍යංශය කරමින් සිටින්නේ පන්සල් යන එන එක පමණක් බවයි.
අවම වශයෙන් තරුණ තරුණියන් හට සිනමා නිර්මාණ කිහිපයක් නිර්මාණය කිරීම සඳහා මුදලක් ලබා දීමට හෝ සංස්කෘතික අමාත්‍යංශය අසමත්ව ඇතැයි හෙතෙම අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලෝක බැංකුව සහ IMF සිය නිරීක්ෂණ සඳහා භාවිත කරන්නේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ම දත්ත බවයි. එමෙන් ම අදාළ දත්ත රැස්කිරීම පිළිබඳව ද බරපතළ ගැටලුවක් මතුවන්නේ යැයි හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)
සංස්කෘතික අමාත්‍යවරයාගේ රාජකාරිය පන්සල් යෑම පමණක්ද...? Ideas front වීඩියෝවක්
T
The Leader Desk
October 16, 2025 • 5:32 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- එක්සත් ජාතික පක්ෂය සංස්කෘතිය පිළිබඳ කිසිදු උනන්දුවක් නැතැයි පාරම් බෑ ජවිපෙ ඇතුළු මාලිමා කණ්ඩායම මේ වන තෙක් සංස්කෘතිය වෙනුවෙන් සිදු කළ මෙහෙය කුමක්දැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විමසී ය.
- එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් දීප්ති කුමාර පැවසුවේ මේ වන විට සංස්කෘතික අමාත්‍යංශය කරමින් සිටින්නේ පන්සල් යන එන එක පමණක් බවයි.
- අවම වශයෙන් තරුණ තරුණියන් හට සිනමා නිර්මාණ කිහිපයක් නිර්මාණය කිරීම සඳහා මුදලක් ලබා දීමට හෝ සංස්කෘතික අමාත්‍යංශය අසමත්ව ඇතැයි හෙතෙම අවධාරණය කළේ ය.
- එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලෝක බැංකුව සහ IMF සිය නිරීක්ෂණ සඳහා භාවිත කරන්නේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ම දත්ත බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



