ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් දීප්ති කුමාර පැහැදිලි කළේ ලංකාවේ ජනතාවගේ ශ්‍රමයට කළ යුත්තේ කුමක් ද යන්න පිළිබඳව මෙතෙක් පත් වූ හෝ වර්තමාන ආණ්ඩුවට පවා අදහසක් නොමැති බවයි. ඔහු මෙහි දී යෝජනා කරන්නේ ලංකාවේ ජනතාවගේ ශ්‍රමය විනය ගත කළ යුතු බවයි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ 1986 වසරේ සිට 1989 දක්වා ම ජනතා විමුක්ති පෙරමුණ රටේ පැවති මහජන සේවා අඩපණ කළ බවයි.
හිටපු ජනපති ආර්. ප්‍රේමදාසට රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්නට සිදු වූයේ එදා ජවිපෙ රටේ සම්පත් විනාශ කර, සංවර්ධන කටයුතු අඩාළ කළ බැවින් යැයි හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




