ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
ඔහු වැඩි දුරටත් පැවසුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක මෙම කරුණ සම්බන්ධයෙන් ආණ්ඩුවට ඉඟියක් සැපයූ බවයි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස අගමැති ධුරය දරන සමයේ තමාට කාර්යාල කාර්ය සහයකු ගේ තරම් හෝ බලයක් නැතැයි පැවසුවා සේ වර්තමාන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරියට ද ආණ්ඩුව තුළ බලයක් නොමැති බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




