ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
ඊට විසඳුමක් ලෙස දීප්ති යෝජනා කරන්නේ අදාළ ව්‍යාපාර පෞද්ගලීකරණය කිරීමෙන් පමණක් නොනැවතී විදේශ විශේෂඥතාවක් ද එකතු විය යුතු බවයි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ පාලකයකු කතා කළ යුත්තේ ඔහුට හිමි රාමුවේ සිටිමින් බවයි.
ඒ අතුරින් එකක් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ව්‍යවස්ථාපිත නීතිය යැයි ඔහු අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




