ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
වත්මන් ආණ්ඩුව අහෝසි කර තිබෙන්නේ එම සබඳතාව බවත්, එහි ප්‍රතිඵල ඉක්මනින් ම දැකගත හැකි බවත් ඔහු අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ 1972 වසර දක්වා රාජ්‍ය සේවය වෙනුවෙන් දේශපාලනඥයන් සම්බන්ධ නොවූ බවයි.
රැකියා ලබා දීමේ සිට අනෙකුත් පරිපාලන කටයුතු සියල්ල කළේ රාජ්‍ය නිලධාරින් යැයි හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




