ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
ඒ සඳහා උදාහරණයක් ද ඉදිරිපත් කළ දීප්ති කියා සිටියේ එක් අවස්ථාවක දී චමල් රාජපක්ෂ වරාය ඇමති ධුරයෙන් ඉවත්ව එම ඇමති ධුරය සදහා රෝහිත අබේගුණවර්ධන පත් කළ මොහොතේ එම අමාතය අසුනේ අසුන් ගත්තේ රෝහිත නොව නාමල් රාජපක්ෂ බවයි. එමෙන් ම එම අසුනට ඉහළින් සවි කර තිබූ චමල් රාපක්ෂගේ පිංතුරය ද ඉවත් නොකළ බවයි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ සිට අමාත්‍යවරුන්ට තම ආත්‍යංශයේ වැඩකටයුතු සම්බන්ධයෙන් ඍජු තීරණ ගැනීමට තිබූ අවකාශය අහිමි කර තිබූ බවයි.
එමෙන් ම එකල සෑම අමාත්‍යංශයක ම ලේකම්වරු කටයුතු කළේ අමාත්‍යවරයාගේ අභිමතය පරිදි නොව ජනාධිපති ලේකම් කාර්යාලයේ අභිමතය පරිදි යැයි හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




