ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
වැඩි දුරටත් අදහස් දැක්වූ විපුල අවධාරණය කළේ වත්මන් ආණ්ඩුවේ පාර්ශවකරුවකු වන ජනතා විමුක්ති පෙරමුණ ද රාජ්‍ය සේවය චීන ක්‍රමයට පරිවර්තනය කිරීමට සුදානම් වන බවයි.
එම සාකච්ඡාවට සහභාගි වූ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසුවේ ජාතින් ලෙස ගත් විට අපි එක්සත් නොවන බවයි.
එම එක්සත් භාවය නැති කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ද කටයුතු කළේ යැයි හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




