ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් දීප්ති පැවසුවේ මේ ආකාරයේ දෘෂ්ටිවාදී තීරණ හේතුවෙන් රටේ අනාගතයට දැඩි විනාශකාරී තත්ත්වයක් උදා වන බවයි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මාලිමා කණ්ඩායම බලය ඉල්ලා සිටි මොහොතේ ජනතාව වෙත ඉදිරිපත් කළේ හිටපු පාලකයින් පිළිබඳ වෛරීය මත මිස ආණ්ඩුකරණය පිළිබඳ මතවාදයක් නොවන බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




