ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
අදාළ ඉංජීනේරුවන් පහළොස් දෙනා එලෙස මහජන මුදල් අවභාවිත කර ඇත්තේ ජනතාව වෙනුවෙන් පත් වූ නියෝජිතයින් (විදුලිබල ඇමති/ නියෝජ්‍ය ඇමති යනාදි අය) තමන්ගේ වගකීම නිසියාකාරයෙන් ඉටු නොකළ බැවින් යැයි දීප්ති අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ වර්තමානයේ දී මහ බැංකු අධිපතිවරයාට විරුද්ධව විශාල චෝදනා ප්‍රමාණයක් එල්ල වන බවයි. විශේෂයෙන් ම එයට හේතුව පද්ධතිමය අර්බුදයක් (Systemic Crisis) බව ද හෙතෙම පැහැදිලි කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




