ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
දීප්ති මේ සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ද්‍රවශීලතාවය නොමැති බැවින්, ඒසේත් නොමැති නම් පහළ ස්තරය වෙත මුදල් ගලා යෑම සිදු නොවන බැවින් පහළ පන්තියේ මිනිසුන්ගේ ආර්ථිකය තව තවත් කඩා වැටෙන බවයි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ආචාර්ය මහාචාර්වරුන්, පාර්ලිමේන්තුවේ දීම කරන ඇතැම් කතා ඇසීමේ දී හැඟෙන්නේ ඔවුන් ගොන් බඳින කණුවක් තරම් හෝ නොවටින බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




