ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එලෙස දැලෙහි පැටලුණ සැමට පවතින්නේ අනන්‍යතාව පිළිබඳ අර්බුදයක් යැයි දීප්ති අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ පොලිසියට අමුතුම පන්නයේ රෝග කිහිපයක් ම බෝ කළේ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර බවයි.
ඔහුගෙන් පසු බිහි වූ පොලිස්පතිවරු පමණක් නොව ඊට පහළ නිල දරන පොලිස් නිලධාරින් ද තම තමන්ට අනන්‍යතා ගොඩනගා ගැනීමට උත්සාහ කළ බවත්, දැනටත් එම උත්සාහයේ නිරතවන බවත් විපුල අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




