එම තත්ත්වයට පැමිණිය හැකි බව ආණ්ඩු පක්ෂය ඔප්පු කරමින් සිටින්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මාලිමා ආණ්ඩුව බලයට පත්වීමට පෙර රටට නව සංස්කෘතියක් හඳුන්වා දෙන බව පැවසුව ද දැන් දැන් එය අමතක කරමින් සිටින බවයි.
විවිධ ගොඩනැගිලි, මං මාවත්, බස් නැතුම් පොළවල් යනාදිය විවෘත කරන මොහොතේ ජනාධිපතිවරයා ගේ, අග්‍රාමාත්‍යවරිය ගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා වූ දේශපාලන නියෝජතයින් ගේ නම් සඳහන් පුවරු විවෘත කිරීම උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකි බව ද ඔහු අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




