යම් ආකාරයකින් මොවුන් අසමත් වී වෙනත් කණ්ඩායමක් බලයට පත් වුවහොත් ජනප්‍රිය රැල්ලක් පැමිණ වසර විස්සකට පසුව වුව ද රට ප්‍රතිසංස්කරණයට ලක් කළ නොහැකිවන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
එමෙන් ම දැනට රට පවතින තත්ත්වය අනුව විපක්ෂය බලයට පැමිණිය ද වසරක් ඇතුළත වර්තමාන තත්ත්වය ම යළි උද්ගත වන බව ද හෙතෙම අවධාරණය කළේ ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ රනිල් වික්‍රමසිංහ ගේ පාලන සමය තුළ විරෝදයක් පැන නැගුණේ රාජ්‍ය ප්‍රතිපත්තියට විරුද්ධව නොව සංස්කෘතික කාරණා මත බවයි.
ජනතා විමුක්ති පෙරමුණ එදා රනිල් වික්‍රමසිංහ ගේ වැඩ පිළිවෙළ විවේචනය කළ ද, අද ඔවුන් ක්‍රියාත්මක කරන්නේ ද එම වැඩපිළිවෙළ ම යැයි ඔහු අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)
මාලිමාව අසමත් වුනොත් මොකද වෙන්නෙ...? Ideas front වීඩියෝවක්
T
The Leader Desk
November 17, 2025 • 4:57 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- විශාල මතවාදයක් නිර්මාණය කරගෙන පැමිණි බැවින් ලංකාවේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ රැගෙන ඒමේ විභවතාව මාලිමා කණ්ඩායම ලබාගත් බවත්,
- එමෙන් ම දැනට රට පවතින තත්ත්වය අනුව විපක්ෂය බලයට පැමිණිය ද වසරක් ඇතුළත වර්තමාන තත්ත්වය ම යළි උද්ගත වන බව ද හෙතෙම අවධාරණය කළේ ය.
- එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ රනිල් වික්‍රමසිංහ ගේ පාලන සමය තුළ විරෝදයක් පැන නැගුණේ රාජ්‍ය ප්‍රතිපත්තියට විරුද්ධව නොව සංස්කෘතික කාරණා මත බවයි.
- මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



