ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
යට කී අවශ්‍යතාව දාර්ශනික (Philosophy) තත්ත්වයක් බවත්, ඒ අනුව ජාතික අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය විය යුතු යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ දැනට පවතින අධ්‍යාපන ක්‍රමය: ළමයින්ට, දෙමාපියන්ට මෙන් ම ගුරුවරුන්ට ද බරක් වන බැවින් හැකි ඉක්මනින් ම මේ පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




