The Leader News
BREAKING
Top Ad
Opinion

මේ ආණ්ඩුව කරන්නෙත් පරණ දේශපාලන පත්කිරීම් සෙල්ලමද? : (Ideas Front වීඩියෝවක්)

T

The Leader Desk

March 15, 2025 • 2:50 PM

මේ  ආණ්ඩුව කරන්නෙත් පරණ දේශපාලන පත්කිරීම් සෙල්ලමද? : (Ideas Front වීඩියෝවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාකච්ඡාව ආරම්භයේදී වැඩසටහන මෙහෙයවූ නාරද බක්මීවැව විමසා සිටියේ වර්තමාන රජය යටතේත් දේශපාලන පත් කිරීම් සිදුවෙනවා නේද?
  • මෙහිදී අදහස් දැක්වූ විපුල කරුණාතිලක ප්‍රකාශ කළේ ලංකාවේ දේශපාලන ක්‍රමය තුළ රාජ්‍ය ආයතන දේශපාලනීකරණය වීම පෙර සිටම දැකගත හැකි ලක්ෂණයක් වූ බවයි.
  • නමුත් තමන්ට කුමන දේශපාලන බැදීම් තිබුණද පෙර සිටි බොහෝ නිළධාරීන් ආයතනය තුළ එම බැදීම් පෙන්වීමට නොගිය බවයි.
  • නමුත් වර්තමානය වන විට සමහර අමාත්‍යංශ වලට දේශපාලන හිතවත්කම් මත පත් කළ නිලධාරීන් තම දේශපාලන නැමියාවන් එම ආයතන තුළ ද පෙන්වන තත්වයකට පත්ව ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සාකච්ඡාව ආරම්භයේදී වැඩසටහන මෙහෙයවූ නාරද බක්මීවැව විමසා සිටියේ වර්තමාන රජය යටතේත් දේශපාලන පත් කිරීම් සිදුවෙනවා නේද? යන්නයි.

මෙහිදී අදහස් දැක්වූ විපුල කරුණාතිලක ප්‍රකාශ කළේ ලංකාවේ දේශපාලන ක්‍රමය තුළ රාජ්‍ය ආයතන දේශපාලනීකරණය වීම පෙර සිටම දැකගත හැකි ලක්ෂණයක්  වූ බවයි. නමුත් තමන්ට කුමන දේශපාලන බැදීම් තිබුණද පෙර සිටි බොහෝ නිළධාරීන් ආයතනය තුළ එම බැදීම් පෙන්වීමට නොගිය බවයි. නමුත් වර්තමානය වන විට සමහර අමාත්‍යංශ වලට දේශපාලන හිතවත්කම් මත පත් කළ නිලධාරීන් තම දේශපාලන නැමියාවන් එම ආයතන තුළ ද පෙන්වන තත්වයකට පත්ව ඇති බවයි. මෙය අනුමත කළ නොහැකි බවද ස්ථිර විධායකය දේශපාලන වශයෙන් පක්ෂග්‍රාහී නොවන තත්වයකට පත් කළ යුතු බව ද ඔහු පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපුල කරුණාතිලක පෙන්වා දුන්නේ මෙම ආණ්ඩුව බලයට පැමිණියේම පවතින ක්‍රමය වෙනස් කර නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට බවයි. නමුත් තවම නම් එවැනි දියුණුවක් දැකගන්නට ලැබෙන්නේ නැති බව විපුළ කරුණාතිලක ප්‍රකාශ කරනවා.
 
එමෙන්ම මෙහිදී අදහස් දක්වන ලද දීප්ති කුමාර ගුණරත්න මෙම වර්තමාන රජය මගින් සිදුකරන පත් කිරීම් වල තවත් ගැටලුකාරී පැතිකඩක් පෙන්වා දෙනු ලැබුවා. එනම් වර්තමන රජය යටතේ මෙසේ පත්වූ බොහෝ ආයතන ප්‍රධානින්ට තම ආයතනය පවත්වාගෙන යන්නේ කෙසේද යන්න නිසි පරිකල්පනයක් නොමැති වීමේ ගැටලුවයි. මේ හේතුවෙන් වර්තමානය වන විට රාජ්‍ය ආයතන බොහොමයක් බංකොලොත් තත්වයට පත් වන්නට යන බවයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දීප්ති කුමාර ප්‍රකාශ කර සිටියේ, දැන් කතා පවත්වමින් සිටිනවාට වඩා එම ආයතන වල ප්‍රධානීන් කළ යුත්තේ වැඩ පෙන්වීම බවයි.

මෙහි සම්පූර්ණ සාකච්ඡාව ඔබට පහත වීඩියෝව හරහා නැරඹිය හැකියි.
 

 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මේ ආණ්ඩුව කරන්නෙත් පරණ දේශපාලන පත්කිරීම් සෙල්ලමද? : (Ideas Front වීඩියෝවක්) | The Leader