ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ Youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මේ වන විට අපි සෑම පුද්ගලයකු ම භාවිත කරන සමාජ මාධ්‍ය පණිවිඩ මෙන් ම දුරකතන පණිවිඩ පවා ආණ්ඩුවට අවශ්‍ය නම් පරීක්ෂා කළ හැකි බව ද දීප්ති අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ වත්මන් සමාජ මාධ්‍ය යනු ඒකල පැවති කටකතා හා සමාන බවයි.
කටකතාවල වගකීම බාරගන්නා පුද්ගලයකු හෝ පුද්ගලයින් නැතුවා සේ ම සමාජ මාධ්‍යයේ ද පුද්ගලයකු හෝ පුද්ගලයින් නැතැයි ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත




