ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් දීප්ති පැවසුවේ ජනාධිපතිවරයා තනිවම කිසියම් වැඩසටහනක් පවත්වාගෙන ගිය ද, මෙබඳු මොහොතක පවා විදිමත්, සංගත වැඩපිළිවෙළක් දක්නට නොමැති බවයි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ සිංගප්පූරුවේ විවිද භාෂා කතා කරන, විවිද ජනවර්ග කිහිපයක් සිටිය ද ඒ සියලු දෙනා එක් වැඩකට එකතු කර ගැනීමේ හැකියාව ලී ක්වාන් යූ සතුව පැවතිය ද ඒ පාර්ශ්වයෙන් ලංකාව තවමත් අසමත් බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




