ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් දීප්ති පැවසුවේ ලංකාවේ ජනතාව සිතන්නේ ස්වභාව ධර්මය අප පිළිබඳ කම්පාවන, අප පිළිබඳව අනුකම්පා කරන ආකාරයේ යම් දෙයක් ලෙස බවයි. නමුත් ස්වභාව ධර්මය යනු කිසි සේත් ම විශ්වාස කළ හැකි දෙයක් නොවන බව ඔහු අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ද්විත්වා සුළි කුණාටුව, ජල ගැල්ම සහ නාය යෑමෙන් සිදු වූ ව්‍යසනය සම්බන්ධයෙන් රාජ්‍ය පාර්ශ්වයෙන් සිදු වූ අතපසු වීම් ආණ්ඩුව පිළිගත යුතු බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




