ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එබඳු උපදේශිකාවෝ මේ වන විටත් රාජ්‍ය නීතිය මගහැර පවුලේ නීතිය ක්‍රියාත්මක කරමින් සිටින බව ද දීප්ති අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ආපදා තත්වය හේතුවෙන් ඉදිරි වසරක් ගත වන තුරු ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ආරක්ෂා විය යුතු බවයි.
ඒ පිළිබඳ වැඩි දුරටත් පැහැදිලි කළ විපුල අවධාරණය කළේ මෙතෙක් ලංකාවේ පැවති 25%ක පමණ වූ ආහාර සුරක්ෂිතතාව මේ වන විට බිඳ වැටී ඇති බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




