ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
පාර්ලිමේන්තු නියෝජිතවරුන් සහ නියෝජිතවරියන් සොරකම් කළ මුදල් පරම්පරා ගණනකට සෑහෙනු ඇතැයි යමකු පැවසුව ද සියලු නියෝජිතවරුන් සහ නියෝජිතවරියන් ඒ ආකාරයට සොරකම් කළ අය නොවන බව ද දීප්ති අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ විශ්වවිද්‍යාල සේවයේ නියුතුව සිටි ආචාර්ය මහාචාර්යවරු ද මේ වන විට පාර්ලිමේන්තුවේ ඇමති ධුර පවා දරන අතර විශ්‍රාම වැටුප අහෝසි කළ පසු ඔවුන් ජීවත් වන්නේ කෙසේ ද යන්න විමසා බැලිය යුතු බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




