ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මෙම සිද්ධිය සඳහා හොඳම උදාහරණය මාලිමා ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල යැයි ද ඔහු වැඩි දුරටත් පැවසී ය. රංවල දිගින් දිගට ම, තෙවතාවක් ම නිග්‍රහයට ලක් වූයේ එබැවින් යැයි ද හෙතෙම පැහැදිලි කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ අධ්‍යාපනයේ මූලික අරමුණක් වන්නේ 'ආත්ම දමනය සහ චරිත සංවර්ධන'ය බවයි. නමුත් අධ්‍යාපනය තුළ එදා මෙදා සිදු නොවී ඇත්තේ ම එය යැයි ද ඔහු උදාහරණ සහිතව පෙන්වා දුන්නේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




