ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
යට කී කරුණ සඳහා ඔහු උදාහරණයක් ගෙන හැර පාමින් පැවසුවේ මේ වන විට ලංකාවේ ඇලුමිනියම් කර්මාන්තය සම්පූර්ණයෙන් ම පවතින්නේ එක් පුද්ගලයෙක් සතුව බැවින් ඔහු දැඩි ඒකාධිකාරියක් පවත්වාගෙන යන බවයි. එයින් සිදුවන්නේ ලී වෙනුවට විකල්පයක් ලෙස ඇලුමිනියම් භාවිතයට නැඹුරු වී සිටි ජනතාව නැවත ලී භාවිතයට පෙලඹී ඇති බවයි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය තරගකාරීව කටයුතු කරන්නේ නම් ජනතාවට හොඳ සේවාවක් ලබා ගත හැකි බවයි.
උදාහරණයක් ලෙස ඔහු මතු කළේ ලංකාවේ බැංකු පද්ධතිය යි. එය රාජ්‍ය අංශය මෙන් ම පෞද්ගලික අංශය ද පවත්වාගෙන යන බවත්, එහි දී ගැටලු පැන නොනැග ඇති බවත් ඔහු අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




