ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මුවට නැගෙන සෑම දෙයක් ම කියවීම ජනාධිපතිවරයා ගේ දුර්වලකමක් බවයි.
ජනාධිපති තනතුර තේරුම් ගන්නැයි ඔවුන් නිරන්තරයෙන් ම පවසන්නේ එබැවින් යැයි විපුල තව දුරටත් පැහැදිලි කළේ ජනාධිපති යනු වචන අවභාවිත නොකළ යතු තනතුරක් වන නිසා බවයි. ඒ සඳහා උදාහරණයක් ලෙස ඔහු ගෙනහැර පෑවේ හිටපු ඇමරිකානු ජනාධිපති බැරක් බාමා ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




