The Leader News
BREAKING
Top Ad
Opinion

ආණ්ඩුව 'ඉදිරි දැක්මක්' සකසා නොගත හොත්...? - Ideas front වීඩියෝවක්

T

The Leader Desk

March 14, 2026 • 3:55 PM

ආණ්ඩුව 'ඉදිරි දැක්මක්' සකසා නොගත හොත්...? - Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුව ඉදිරි දැක්මක් සකසා ගත හොත් මේ වන විට වෙනස් වෙමින් පවතින ලෝක ආර්ථික තත්ත්වයට මුහුණ දිය හැකි
  • ආණ්ඩුවට ඉදිරි දැක්මක් නොමැති බැවින් අනාගතය පිළිබඳ නිගමනයකට එළඹිය නොහැකි තත්ත්වයකට ආණ්ඩුව මුහුණ පා සිටිය ද මෙම තත්ත්වය සම්බන්ධයෙන් වාමාංශික නොවන කිහිප පළක් ම ගැඹුරු අධ්‍යයනයක යෙදෙමින් සිටින බව ද දීප්ති සිහිපත් කළේ ය.
  • ඇමරිකාවේ විශාල ආර්ථිකයක් ඉතිරි වූයේ දෙවන ලෝක යුද්ධයෙන් එතරම් බැට නොකෑ බැවින් යැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
  • මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):

යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ආණ්ඩුවට ඉදිරි දැක්මක් නොමැති බැවින් අනාගතය පිළිබඳ නිගමනයකට එළඹිය නොහැකි තත්ත්වයකට ආණ්ඩුව මුහුණ පා සිටිය ද මෙම තත්ත්වය සම්බන්ධයෙන් වාමාංශික නොවන කිහිප පළක් ම ගැඹුරු අධ්‍යයනයක යෙදෙමින් සිටින බව ද දීප්ති සිහිපත් කළේ ය.

ඇමරිකාවේ විශාල ආර්ථිකයක් ඉතිරි වූයේ දෙවන ලෝක යුද්ධයෙන් එතරම් බැට නොකෑ බැවින් යැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

නමුත් යුරෝපය දෙවන ලෝක යුද්ධයෙන් විශාල ලෙස බැට කෑ බවත් ජාත්‍යන්තර සංවිධානවල බලධාරින් බවට පත්වූ, යුද සමයේ සිටි පාලකයෝ මෙම අත් දැකීමට මුහුණ පෑ බවත්, ඒබඳු තත්ත්වයක් යටතේ ලෝකය පාලනය කළ යුතු ආකාරය පිළිබඳ අණ පනත් සම්මත කරගත්තේ ද එබැවින් යැයි විපුල අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...