The Leader News
BREAKING
Top Ad
Opinion

මෙතෙක් ලෝකයේ පැවති දෘෂ්ටිවාද තුන ම අවසන් - Ideas front වීඩියෝවක්

T

The Leader Desk

March 21, 2026 • 3:54 PM

මෙතෙක් ලෝකයේ පැවති දෘෂ්ටිවාද තුන ම අවසන් - Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝකයේ නිශ්චිත මොහොතකට පසු රාජ්‍ය පාලනය සඳහා දෘෂ්ටිවාද තුනක් මැදිහත් වූ බවත් එම දෘෂ්ටිවාද තුන ලෙස:
  • නමුත් මේ වන විට යට කී දෘෂ්ටිවාද හෙවත් අදහස් තුනම අවසන් බව ද දීප්ති අවධාරණය කළේ ය.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ, බංග්ලාදේශයේ සහ නේපාලයේ එකම ආකාරයේ අරගල තුනක් පැන නැගුණ ද ඒ අතුරෙන් ලංකාවේ අරගලය අවසන් වන්නේ සහ අනෙක් රටවල් දෙකෙහි අරගල අවසන් වන්නේ ක්‍රම දෙකකට බවයි.
  • මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාතිකවාදය, ලිබරල්වාදය සහ සමාජවාදය හැඳින්විය හැකි යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

නමුත් මේ වන විට යට කී දෘෂ්ටිවාද හෙවත් අදහස් තුනම අවසන් බව ද දීප්ති අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ, බංග්ලාදේශයේ සහ නේපාලයේ එකම ආකාරයේ අරගල තුනක් පැන නැගුණ ද ඒ අතුරෙන් ලංකාවේ අරගලය අවසන් වන්නේ සහ අනෙක් රටවල් දෙකෙහි අරගල අවසන් වන්නේ ක්‍රම දෙකකට බවයි.

ඒ පිළිබඳ වැඩි දුරටත් අදහස් දක්වමින් විපුල පැවසුවේ අරගලයෙන් පසු ලංකාවේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත්වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආණ්ඩු ක්‍රම නීතියට අනුව වුව ද නේපාලය සහ බංග්ලාදේශය යන රටවල් අරගලයෙන් පසුව නිශ්චිත අවස්ථාවක දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කළ බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

උපුටා ගැනීම - newstube.lk

 

 

 

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...