The Leader News
BREAKING
Top Ad
Opinion

ස්ථිර විධායකයට මාලිමාව අණ දෙන්න පටන් අරන් : Ideas front වීඩියෝවක්

T

The Leader Desk

January 22, 2025 • 7:09 AM

ස්ථිර විධායකයට මාලිමාව අණ දෙන්න පටන් අරන් : Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රටක ස්ථිර විධායකය සිටින්නේ කැබිනට් මණ්ඩලය රාජ්‍ය ප්‍රතිපත්තිය තීන්දු කළ පසු එය ක්‍රියාත්මක කිරීමට යැයි ද ස්ථිර විධායකයේ මෙවැනි ගැටලු නිර්මාණය කළ විට එය ආණ්ඩුකරණයට සෘජුව බලපාන්නේ යැයි ද කරුණාතිලක කීය.
  • ආණ්ඩුව ස්ථිර විධායකට ඇතැම් පත්වීම් කර ඇත්තේ රාජ්‍ය සේවයේ ධූරාවලිය බිඳ දමා බැඳීම් අතර ගැටුමක් නිර්මාණය වන අයුරින් යැයිද විපුල කරුණාතිලක චෝදනා කරයි.
  • විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සභාපතිවරයා සම්බන්ධයෙන් අගමැතිනිය අවබෝධයෙන් කටයුතු කළත් වෘත්තීය සමිති ඉල්ලීම් අනුව ජනාධිපතිවරයා ඔහු තනතුරෙන් ඉවත් කළේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න කීය.
  • ටයි පටියක් පළඳින පුද්ගලයන් ඉහළ මැද පන්තියේ අය බවට වැරදි වැටහීමක ජනාධිපතිවරයා ඇතැයිද පුද්ගලයන් තනතුරුවලට පත් කිරීමේදී දන්නා අයෙකුගෙන් හෝ මුහුණු ශාස්ත්‍රය අසා ගැනීම ජනාධිපතිවරයාගේ යහපතට හේතුවනු ඇතැයිද දීප්ති කුමාර ගුණරත්න වැඩිදුරටත් පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
රටක ස්ථිර විධායකය සිටින්නේ කැබිනට් මණ්ඩලය රාජ්‍ය ප්‍රතිපත්තිය තීන්දු කළ පසු එය ක්‍රියාත්මක කිරීමට යැයි ද ස්ථිර විධායකයේ මෙවැනි ගැටලු නිර්මාණය කළ විට එය ආණ්ඩුකරණයට සෘජුව බලපාන්නේ යැයි ද කරුණාතිලක කීය.
සංවෘත සේවාවක් වූ රේගු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකුට ජනාධිපති ලේකම් ධූරය පිරිනැමීමෙන් මෙම තත්ත්වයට මුල පුරනු ලැබුවේ ජනාධිපතිවරයා විසින් යැයි ද Ideas front youtube නාලිකාව සමග සම්මුඛ වෙමින් විපුල කරුණාතිලක කීය.

ආණ්ඩුව ස්ථිර විධායකට ඇතැම් පත්වීම් කර ඇත්තේ රාජ්‍ය සේවයේ ධූරාවලිය බිඳ දමා බැඳීම් අතර ගැටුමක් නිර්මාණය වන අයුරින් යැයිද විපුල කරුණාතිලක චෝදනා කරයි.
 
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සභාපතිවරයා සම්බන්ධයෙන් අගමැතිනිය අවබෝධයෙන් කටයුතු කළත් වෘත්තීය සමිති ඉල්ලීම් අනුව ජනාධිපතිවරයා ඔහු තනතුරෙන් ඉවත් කළේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න කීය.
කෙසේ වෙතත් චීන ආණ්ඩුකරණයේදී මෙසේ වෘත්තිය සමිතිවල පදයට නැටීමක් සිදුවන්නේ නැතැයි ඔහු පැවසීය.

ටයි පටියක් පළඳින පුද්ගලයන් ඉහළ මැද පන්තියේ අය බවට වැරදි වැටහීමක ජනාධිපතිවරයා ඇතැයිද පුද්ගලයන් තනතුරුවලට පත් කිරීමේදී දන්නා අයෙකුගෙන් හෝ මුහුණු ශාස්ත්‍රය අසා ගැනීම ජනාධිපතිවරයාගේ යහපතට හේතුවනු ඇතැයිද දීප්ති කුමාර ගුණරත්න වැඩිදුරටත් පැවසීය.



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...