මෙම ක්‍රියාවලිය තුළ ජනාධිපති අනුර කුමාර කිසිඳු මුල්‍ය වංචාවක් සිදුකර නැතැයි පෙන්වා දෙයි.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මාධ්‍යවේදී නාරද බක්මීවැව විසින් මෙහෙයවන ලද මෙම විශේෂ සාකච්ඡාවේදී මෙරට දේශපාලන සහ ව්‍යාපාරික පද්ධතිය තුළ මුල් බැසගෙන ඇති දූෂණයේ ස්වභාවය පිළිබඳව දීප්ති ගුණරත්න ගැඹුරු විවරණයක් ඉදිරිපත් කරයි.
තවදුරටත් අදහස් දැක්වූ 'සමබිම' නායක දීප්ති කුමාර ගුණරත්න පෙන්වා දෙන්නේ වර්තමාන ලාංකීය දූෂණය හුදෙක් දේශපාලකයන් කිහිපදෙනෙකුගේ තනි තීරණයක් නොව, එය ව්‍යාපාරික ප්‍රජාව, ඉහළ රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන බලධාරීන් අතර ගොඩනැගී ඇති 'ජාලගත සමාජයක' (Network Society) ප්‍රතිඵලයක් බවයි.
ඕනෑම ආණ්ඩුවක් යටතේ නොවෙනස්ව පවතින මෙම ජාලය, මහජන මුදල් ගසාකෑම සඳහා ඉතා සූක්ෂම ලෙස සැකසී ඇති ආකාරය ඔහු ගල් අඟුරු ගනුදෙනුව නිදසුනක් ලෙස ගෙන ඔහු විග්‍රහ කරයි.
ගල් අඟුරු ටෙන්ඩර් ක්‍රියාවලිය පිටුපස පවතින ව්‍යාපාරික ගැටුම් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරේ.
විශේෂයෙන් රුසියාවෙන් සහ දකුණු අප්‍රිකාවෙන් ගල් අඟුරු ආනයනය කිරීමේදී 'පොටෙන්ෂියා' සහ 'ට්‍රයිඩන්ට්' වැනි සමාගම් මැදිහත් වූ ආකාරයත්, ඒවාට සම්බන්ධ ව්‍යාපාරිකයන් සිය දේශපාලන සබඳතා භාවිත කරමින් වෙළෙඳපොළ ඒකාධිකාරයන් පවත්වාගෙන යන ආකාරයත් දීප්ති විස්තර කරයි.

දීප්ති ගුණරත්න පෙන්වා දෙන්නේ බොහෝ විට දූෂණ චෝදනා ලෙස කරළියට එන්නේ හුදෙක් යුක්තිය පසිඳලීමේ උවමනාවක් නොව, එක් ව්‍යාපාරික කණ්ඩායමක් විසින් තවත් කණ්ඩායමක් වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට දියත් කරන සටනක ප්‍රතිඵලයක් බවයි.
දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක මෙහිදී අවධාරණය කරන්නේ, ලංකාවේ වසරකට ඩොලර් බිලියන 19ක් පමණ වන ආනයන වෙළෙඳපොළ පාලනය කරන 'කෝපරේට් මාෆියාවක' (Corporate Mafia) පවතින භයානක ස්වභාවයයි. මෙරට උගතුන් සහ වියතුන් ලෙස සැලකෙන රාජ්‍ය නිලධාරීන් පවා සිය පවුල්වල සුඛවිහරණය උදෙසා මෙම දූෂිත ව්‍යාපාරික ජාලයන්ට නතු වී ඇති ආකාරය ඔහු විවේචනයට ලක් කරයි.
රටේ ප්‍රසම්පාදන ක්‍රියාවලීන්හි පවතින දුර්වලතා සහ නිලධාරී තන්ත්‍රයේ වගකීම් විරහිතභාවය හේතුවෙන් අවසාන වශයෙන් මෙම සියලු දූෂණවල බර පැටවෙන්නේ සාමාන්‍ය මහජනතාව මත බව ඔහු පෙන්වා දෙයි.
මෙම සාකච්ඡාවේ ඇති තවත් වැදගත් කරුණක් වන්නේ විපක්ෂයේ භූමිකාව පිළිබඳව ඉදිරිපත් කරන විවේචනයයි. දූෂණයට එරෙහිව හඬ නගන ඇතැම් කණ්ඩායම් පවා මෙම සංකීර්ණ ව්‍යාපාරික ජාලයන්හි සැබෑ ගැඹුර තේරුම් නොගෙන හෝ දේශපාලන වාසි තකා පමණක් එම තොරතුරු භාවිත කරන බව ඔහු මෙහිදී ප්‍රකාශ කරයි.
අවසාන වශයෙන් මෙම විග්‍රහයෙන් ගම්‍ය වන්නේ, ලංකාවේ දූෂණ විරෝධී අරගලය සාර්ථක වීමට නම් එය පුද්ගලයන් ඉලක්ක කරගත් සටනකින් ඔබ්බට ගොස්, සමස්ත 'සිස්ටම්' එක හෙවත් පද්ධතියේ පවතින මෙම ජාලගත ව්‍යුහය වෙනස් කරන මූලික ප්‍රතිසංස්කරණ කරා ගමන් කළ යුතු බවයි.