ලාල් කාන්ත ඇමති සහෝදරයා රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවය ගැන කතා කරන්නේ තමන් මුහුනදී තිබෙන ව්‍යූහාත්මක අරබුදයේ ගැඹූර නොදැනද යන ප්‍රශ්නය ඉදිරියට ගෙන මෙම ප්‍රශ්නය පිලිඳව කථිකාවක් ඇති කර ගැනීම කාලෝචිතවී තිබේ.
ජාතික ජනබලවේගය රාජ්‍ය සේවය තුල පවතින අරබුදය සමාජයට තේරුම් කරදීම ජනකාන්තවාදී සටන් පාඨ තුලින් යටගැසුවේය.
එහි ප්‍රතිපලයක් ලෙස ජාතික ජනබලවේගයට රාජ්‍ය සේවකයන්ගේ බහුතරයේ සහයෝගයෙන් බලයට පත්වීමේ වාසනාව හිමිවුයේය.
නමුත් තමන් පාලකයන් බවට පත්වු කල රාජ්‍ය සේවය පිලිබඳ සැබෑ ප්‍රශ්නය තමන්ට තදින් දැනෙමින් තිබෙන බව ලාල් කාන්ත ඇමති වරයාගේ ප්‍රකාෂය තුලින්ම විද්‍යාමාන වන්නේය.
රට බංකොලොත්වීමෙන් පසුව රට මුහුන දෙන ප්‍රධාන ප්‍රශ්න අතර නයගැති භාවය, අකාර්යක්ෂමතාවය, දුෂණය හා දේශපාලනික අකාර්යක්ෂමතාවය ප්‍රධාන සමාජ-ආර්ථික අභියෝගයන්ලෙස විශ්ලේෂණයන් තුලින් හඳුනාගෙන තිබුනි.
IMF සංවිධානය තම Debt Sustainability Analysis එක ගොඩනැගීමේදී දී ඉහත දැක්වු නය අරබුදය කලමනාකරනය කිරීම, දුෂනය පිටුදැකීම, රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරනය යන කරුනු අවධාරනය කර තිබුනි.
නමුත් ජාතික ජනබලවේගය ඉතා මුරන්ඩු ලෙස එම යෝජනා ප්‍රතික්ෂේප කරන ලද අතර, ඔවුන් ඡන්දයට පෙර කියා සිටියේ ඒ සම්බන්දව තමන්ට ආවේනික විසඳුම් පවතින බවත් තමන් බලයට පැමිනි පසුව තමන්ගේම ආරකට එකී අභියෝග විසඳන්නට කටයුතු කරන බවය.
නමුත් බලයට පැමිනි පසු නය කලමනාකරනයට අදාලව ජාතික ජනබලවේග ආන්ඩුවේ ප්‍රතිපත්තිමය වෙනසක් ප්‍රකට වුයේ නැත.
දැන් ලාල් කාන්ත ඇමති වරයා කියන්නේ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවය පිලිබඳවය.
චන්දයට පෙර ජාතික ජනබලවේගය කියා තිබුනේ තමන් රාජ්‍ය ආයතන, රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යූහගත කරනයට එරෙහි බවය.
නමුත් පාලනය අතට ගත් විට රාජ්‍ය සේවයෙහි සැබෑ අරබුදය වටහා ගෙන තිබීම ප්‍රගතිශීලීය.
අකාර්යක්ෂමතාවය පිලිබඳව කතා කලත් තවමත් ලාල්කාන්ත ඇමති වරයා මෙන්ම හඳුනෙත්ති ඇමති වරයා සිටින්නේ රාජ්‍ය ධනවාදී සිහිනය තුලම බව කරන කියන කතා වලින් පැහැදිලි වන්නේය.

හඳුනෙත්ති ඇමතිවරයා කියන්නේ රාජ්‍ය ව්‍යවසාය නැවතත් නඟා සිටවිය යුතු බවය. ලාල් කාන්ත ඇමති වරයා හාල් ප්‍රශ්නයට විසඳුම් සොයන්නට යන්නේ වී අලවි මන්ඩලය ප්‍රතිස්තාපනය කිරීමෙනි. පොහොර ප්‍රශ්නයට විසඳුම් සොයන්නේ එප්පාවල රොක්පොස්පේට් නිධිය දේශීය ව්‍යවසායකත්වයෙන් නඟා සිටුවීමටය.
ඔවුන් මෙසේ කියන කල වාම ජාතිකවාදී මිත්‍යාවෙන් අන්ධවී සිටින සමාජය ඒ සඳහා හුරේ දමන්නේය.
ඒ නිසාම පලමුව කල යුත්තේ ජාතික ජනබලවේගය තමන් විසින් මෙතෙක් විශ්වාස කරමින් සිටින දෟෂ්ඨිමය මිත්‍යාවෙන් ගැලවීමය.
එසේ නෙවුනහොත තමන්ට අත්දකින්නට සිදුවනු ඇත්තේ තමන්ගේ වසර 5 ක පාලනය සිදු කොට ඇත්තේ ගහපු බෙර පදයක් හෝ බෙරේ පළුවක් හෝ ඉතිරි වී නොමති ක්‍රියාවකට වන බවය.
ඒ නිසාම දැන්වත් ජාතික ජනබලවේග ආන්ඩුව මෙන්ම සමාජයක් ලෙසම අප මුහුන දෙමින් සිටින අරබුදය අනුරාගයෙන් තොරව හඳුනාගත යුතුව තිබේ.
1956 සිට 1977 දක්වා වු ලංකාවේ ආර්ථික ව්‍යූහයේ පාලන බලය රාජ්‍යට(state) යටත්ව පැවතියේය.
එම යුගයන් තුල දක්ෂිනාංශික හෝ වාමාංශින රාජයන් පැවතුනද එම පාලනයන් තුල ක්‍රියාත්මකවු සියලුම කර්මාන්ත, වෙලඳාම හා ව්‍යාපාර සේවා සපයන ආයතන පාලනය හිමිව තිබුනේ රාජ්‍ය වෙතටය.
එම ආර්ථික මාධිලිය අප හඳුනාගන්නේ රාජ්‍ය ධනවාදය ලෙසටය.
අවෟත ආර්ථිකයක් මත රඳා පවතින රාජ්‍ය ධනවාදී ආර්ථික මාදිලිය තුල රටේ වත්කම් නිශ්පාදනයද,වෙලඳාම හා සේවා සැපයීම මෙන්ම රටේ ආර්ථිකය පවත්වාගෙන යාම සඳහා වන සානුබල පරිසරය පවත්වාගෙන යාමට අවැසි රාජ්‍ය සේවා පවත්වා ගෙන යාම සිදු කරනු ලැබ තිබුනේ රාජ්‍යයේ මුලිකත්වයෙනි.
එම සේවාවන්ගේ මුඛ්‍ය අරමුන වුයේ ආනයන ආදේශකරනයයි. (Import substitution )ඒ සඳහා එක් පසකින් රාජ්‍ය සංස්ථා සහ මන්ඩල පද්දතියක්ද රාජ්‍ය දෙපාර්තමේන්තු පද්දතියක්ද පිහිටුවා ක්‍රියාත්මක කරනු ලැබ තිබුනි.
වාමාංශිකයන් මෙම ප්‍රපංචය සලකා බලන ලද්දේ සමාජවාදයට දිශානත සංවර්ධනයක් ලෙසටය.
නමුත් රාජ්‍ය ධනවාදයට ආවේනිකවු අභ්‍යන්තරික ප්‍රතිවිරෝධයන් නිසාම ( අකාර්යක්ෂමතාවය එක් සාධකයකි) රාජ්‍ය ධනවාදයේ වර්ධනය 65 ට පසු මන්දගාමී විය.
1975 පමන විට ලංකාවේ රාජ්‍ය ධනවාදය එහි අරබුදයේ සීමාන්තික තැනට එළඹි තිබුනි.
රාජ්‍ය ධනවාදය තුල පැන නැගුනු එම අරබුදය මනා ලෙස වටහා නොගත් මෙරට වාමාංශිකයන් තවමත් රාජ්‍ය ධනවාදයේ පහස පැතීම මිත්‍යාවක් වන්නේය.
එසේ රාජ්‍ය ධනවාදයේ පහස පතමින්ම රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවය විවේචනයට ලක් කිරීමද අඳුරේ සිට කරනු ලබන අතපත ගෑමකට සමාන වන්නේය.
නමුත් පවතින රාජ්‍ය ආයතන කාර්යක්ෂම කිරීම පැටළුණ නුල් බෝලයක ගැට හැරීමකට සමාන වන්නේය.
ඒ සඳහා පලමුව රාජ්‍ය ධනවාදය පවත්වාගෙන යාමට සඳහා වන රටේ නෛතික රාමුව පිලිබඳව අදහසක් ලබා ගත යුතුව තිබේ.
මෙම නෛතික රාමුව වෙනස් නොකොට රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරනය කෙසේ වෙතත් අවම කාර්යක්ෂම තාවයක් හෝ රාජ්‍ය සේවය තුලින් බලාපොරොත්තු විය නොහැකිය.
උදාහරනයක් ලෙසට ගතහොත් රට තුල එවකට ක්‍රියාත්මකවු කර්මාන්ත බිහි කිරීම හා ඒවායේ නියාමනය සිදු කරනු ලැබුයේ The State Industrial Corporation Act No. 49 of 1957 මගිනි.
එසේම වෙලඳාම රාජ්‍ය යටතේ පැවති අතර එවකට පැවැති විවිධ වෙලඳ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය ව්‍යවසායන් බිහිව තිබු අතර එම ආයතනයන් බිහිකිරීම හා නියාමනය සිදු කරන ලද්දේ Sri Lanka Trading Corporation Act No. 33 of 1970 මගින් සලසා තිබුනු ප්‍රතිපාදන තුලිනි.

එසේම රාජ්‍ය ව්‍යවසාය සඳහා අදාලවී තිබුනේ එවකට පෞද්ගලික අංශය තුල ක්‍රියාත්මකව තිබු පසුව රජයට පවරා ගැනීම සඳහා නෛතික ප්‍රතිපාදන සැලසු Business Undertakings (Acquisitions) Act No.35 of 1971 පනතයි. මේ යටතේ එතෙක් පුදගලික අංශය සතුව තිබු වතු සමාගම්ද තවත් බොහෝ පුද්ගලික ව්‍යාපාර ජනසතු කිරීමේ නාමයෙන් රජයේ පාලනයට යටත් කොට තිබුනි.
1974 වන විට කර්මාන්ත කේෂේත්‍රය තුල පමනක් සංස්ථා සහ මන්ඩල 28 පිහිටුවා තිබුන අතර එම යුගය තුල එම කෂේත්‍රය තුල සිදු කරනු ලැබ තිබු ආයෝජනය රුපියල් මිලියන 2346 වු අතර ඒ මගින් රැකියා අවස්ථා 47,525 නිර්මානය කොට තිබුනි.
එම යුගය තුල ඉහතකී සියළු රාජ්‍ය සංස්ථා සහ මන්ඩල තුල මුල්‍ය කටයුතු නියාමනය සඳහා Public Corporation (Finance) Control Act No. 78 of 1971 පනත හඳුන්වාදී තිබුනි. ඒ යටතේ අදාල සංස්ථා සහ මන්ඩල තුල මුල්‍ය පාලනය සඳහා දැඩි නීති හඳුන්වා දී තිබුන අතර යම් ආයතනයක් බංකොලොත් වන්නේ නම් පාර්ලිමේන්තුවට ගෙන එනු ලබන යෝජනා සම්මතයක් මගින් ඈවර කොට අදාල සමාගම වසා දැමීමේ බලයද එම පනත මගින් ප්‍රතිපාදනය කොට තිබුනි.
නමුත් Public Corporation (Finance) Control Act No. 78 of 1971 එක යටතේ රාජ්‍ය සංස්ථා සහ මන්ඩල මුල්‍ය කලමනාකරන වාර්ථාවක් පාර්ලිමේන්තුවට සභාගතවු අවස්තාවක් ගැන මෑත භාගයේදී නම් අසන්නට ලැබුනේම නැත.
එදා Public Corporation (Finance) Control Act No. 78 of 1971 ගෙනාවේද රාජ්‍ය ධනවාදය ගැන විශ්වාසය තැබු වාමාංශික ආන්ඩුවකි.
පාර්ලිමේන්තුවට ගෙන එනු ලබන යෝජනා සම්මතයක් මගින් ඈවර කොට යම් සමාගම වසා දැමීමේ බලය ඒ මගින් එදා වාමාංශිකවු පාර්ලිමේන්තුව මඟින්ම පවතින ඔනෑම රජයකට බලය දානය කොට තිබුනි.
එසේ නම් ගතයුතු පලමු පියවර වන්නේ පනතේ ප්‍රතිපාදන අනුව සියළුම රාජ්‍ය සංස්ථා සහ මන්ඩල මුල්‍ය කලමනාකරන වාර්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි. ඒ පිලිබඳව ගන්නා තිරනයන් ද්විතක වන්නේය.
රාජ්‍ය සේවය පිලිබඳව කතා කල හැකි වන්නේ ඉන් අනතුරුවය.
එසේ නොකොට ජාතික ජනබලවේග ආන්ඩුව රාජ්‍ය අංශය ප්‍රතිසංස්කරනය ගැන කතා කිරීම පමනක් ප්‍රමානවත් වන්නේ නැත.
රාජ්‍ය අංශයට අතගැසීමට ජාතික ජනබලවේග ආන්ඩුව දක්වන අනියත බිය අපට හඳුන්වාදිය හැක්කේ පාරභෞතික බියක් ලෙසටය.
(සටහන | නීතිඥ ශිරාල් ලක්තිලක)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
slakthilaka@gmail.com
@ ශ්‍රිරාල් ලක්තිලක ගේ ෆේස්බුක් පිටුවෙන්...
සබැඳි ලිපි :
රට ගොඩනැගීම පිළිබඳ දෘෂ්ඨිමය යුද්ධය: ජවිපෙ දේශපාලනය විසින් රට ගෙනියන්නේ කොයිබටද? | ශ්‍රිරාල් ලක්තිලක
රාජ්‍ය සේවයේ ඉහල නිලධාරීන්ට ලාල්කාන්තගෙන් රතු එළියක් !
ඇමති හඳුන්ගේ කතාව රාජ්‍ය සේවකයින්ගේ වෘත්තීයමයභාවය අවතක්සේරු කිරීමක් | චරිත හේරත්
'ඇතැම් රාජ්‍ය සේවකයින් සමග අරගල කිරීමට ආණ්ඩුවට සිදුව තියනවා' - ඇමති හඳුන්නෙත්ති



