මම කියන්නේ එයාල කියන්නේ ඇත්ත හෝ නැත්ත කියන එක නෙවෙයි. එයාල කියන්නේ මෙච්චර කල් අපේ කතාව කවුරුවත් ඇහුවේ නැත්තේ ඇයි කියල. ඒ කතාව කොයි වගේ එකක් ද?
ඒ කජ්ජා කිව්ව විදියට සාක්ෂි ලයින් අප් කරලා සුදානම් කරලා තිබ්බ එකක් නෙවෙයි. එයාල කියන්නේ වෙනත් එකක්. ඒක ඇතුලේ තියෙන්නේ කුණු ගඳ ගහන පුද්ගලික දේවල් ටිකක්. කැඩුණු විවාහ, අනියම් සම්බන්දතා, සල්ලි, බලය, දේශපාලනය, ගංජා, කුඩු, මිණීමැරීම්, දුප්පත්කම, මේ සියල්ල ඇතුලේ පාවිච්චි වෙන දරුවෝ වගේ දේවල් ටිකක්. පුද්ගලික කලාප හරහා ගිය බල සම්බන්දතා ජාලයක්.

ඒ නිසාම චමුදිතගේ මේ වීඩියෝවත් මිලියනය පනී.
ඒ බල සම්බන්දතා ඇතුලේ ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ? වෙනත් විදියකින් කිව්වොත් දේශපාලනය හරහා පුද්ගලික ශක්තිය (පෞරුෂය) වැඩිකිරීමක් නෙවෙයි කරලා තියෙන්නේ. පුද්ගලයා ඉතාම නරක විදියට දුර්වල කිරීමක්. ඒ කියන්නේ දෙශපාලනය විසින් කියන ඕනෑම දෙයක් කරන තරමට පුද්ගලයා දුර්වල කරලා තියෙන්නේ. පරායත්ත කරලා තියෙන්නේ. අවම වශයෙන් මේ සහෝදරියෝ කියන එක ඇත්ත නම්.
අපි හිතන්නේ දේශපාලන බලය විසින් පුද්ගලයා ශක්තිමත් වෙනවා වගේ එකක් උනාට ඇත්තටම වෙලා තියෙන්නේ එහි විලෝමය. ඔහු විසින් බල සම්බන්දතා මෙහෙයවූවා වෙනුවට බල සම්බන්දතා විසින් ඔහු මෙහෙයවල තියෙන්නේ.
ඒ නිසා කජ්ජා මැරිලා තියෙන්නේ ශක්තිමත් මනුස්සයෙක් හැටියට නෙවෙයි. ඉතාම දුර්වල පෞරුෂයක් විදියට. එතන ඉඳන් තමයි සියල්ල තේරුම්ගන්න වෙන්නේ. මම හිතන්නේ ඔහු චමුදිත හොයාගෙන එන්නේ ඒ අසරණකම එක්ක වෙන්න ඇති.
අදාලව පළවූ ලිපියක්:
කජ්ජා... | Mahesh Hapugoda
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)




