The Leader News
BREAKING
Top Ad
Opinion

ජාතිවාදය ඇවිස්සීම පුද්ගලික මාධ්‍යවලට ලැබුන කොන්ත්‍රාත්තුවක් - දීප්ති ගුණරත්න (වීඩියෝ)

T

The Leader Desk

September 10, 2019 • 8:11 AM

ජාතිවාදය ඇවිස්සීම පුද්ගලික මාධ්‍යවලට ලැබුන කොන්ත්‍රාත්තුවක් - දීප්ති ගුණරත්න (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතිවාදය ඇවිස්සීම පුද්ගලික මාධ්‍යවලට ලැබුන කොන්ත්‍රාත්තුවක් බව 'පෙරටුගාමී පක්ෂයේ' නායක දීප්ති ගුණරත්න පවසයි.
  •  මම එකයි කිව්වේ මේක ඇත්තටම මීඩියාවලට සම්බන්ධයි කියලා.
  • ඇෆ්ගනිස්ථාන් 1975 වගේ කියලා ගහන්න.
  • අපේ ලංකාවේ හැත්තෑ ගණන්වලට වගේ, ඒ කියන්නේ කොට ගවුම් ඇඳගෙන ගැහැණු ළමයි යනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු එම කාරණය මෙසේ පැහැදිලි කරයි.

''ජාතික හැඟීම් ජාතිවාදය ඇවිස්සුවාම ගම්වල මිනිස්සුන්ගේ ඡන්ද ගන්න පුලුවන්. ජාතිවාදය අවුස්සලා යූනීයන් ප්ලේස්වල තියෙන ඉංග්‍රීසි කතා කරන සමාගම්වලින් ඡන්ද ගන්න බෑනේ.  මම එකයි කිව්වේ මේක ඇත්තටම
මීඩියාවලට සම්බන්ධයි කියලා. පුද්ගලික මාධ්‍යවලට සම්බන්ධයි. ආණ්ඩුවේ මාධ්‍ය සම්බන්ධ නැහැ මේවට. මේවාට පුද්ගලික මාධ්‍ය කොන්තරත් අරන් තියෙනවා, ජාතිවාදය ලංකාවේ ප්‍රචාරය කරන්න. 

වෙන රටවල් වල ඕවට ඉඩ දෙන්නේ නෑ. අපේ නියාමනයක් නැහැ. දෙවනි එක තමයි මේ සෙල්ලම ගැන මේවා කරන අයට අවබෝධයකුත් නැහැ. මේ ගම්වල මිනිස්සුන්ටත් අවබෝධයකුත් නැහැ. 

මම ඒක ටිකක් තේරුම් කරන්නම් මොනතරම් භයානක දේවල් වෙන්න පුළුවන්ද කියලා.  මොකද මේවා පාලනය කරන්න බැහැ එක දුරකට පස්සේ. 

ඇෆ්ගනිස්ථානය කියන රට, යන්න ඔබ යූටියුබ් හරි මොකක් හරි එකකට ගිහිල්ලා බලන්න. ඇෆ්ගනිස්ථාන් 1975 වගේ කියලා ගහන්න. ගැහුවමම ඇෆ්ගනිස්ථායේ පින්තූර වීඩියෝ එනවා. අපේ ලංකාවේ හැත්තෑ ගණන්වලට වගේ, ඒ කියන්නේ කොට ගවුම් ඇඳගෙන ගැහැණු ළමයි යනවා. ඕනේ තරම් ගැහැණු නිදහසේ යනවා. පිරිමි තමන්ගේ පාඩුවේ යනවා. පිරිමි ගැහැණු දිහා බලන්න යන්නෙත් නැහැ. බොහොම ලිබරල්, දුප්පත් කම තිබුණා නමුත් ඒ සමාජය බොහොම නිදහස් සමාජයක්. 

Afgan
 

මොකක්ද වුණේ ඊට පස්සේ, ඇමෙරිකාව මේකේ ඇතුළට ගිහිල්ලා, ඊට පස්සේ සමාජවාදී ආණ්ඩුවක් හදන්න ගිහිල්ලා සෝවියට් රුසියාව, ඒ කියන්නේ ප්‍රොක්සිවෝ කියන්නේ අනුන් වෙනුවෙන් කරන යුද්ධය. ඒක ආවා ඇෆ්ගනිස්ථානයට, දැන් මොකද මුල්ලාවෝමාර් කියලා කෙනෙක් ආවා ඊට පස්සේ. එක්දහස් නවසිය අනූගණන් වල අග වෙනකොට මේ මුල්ලාවෝමාර් මේක සම්පූර්ණයෙන්ම මූලධාර්මිකකරණයක් කරලා, තිබිච්ච සියලුම නිදහස නැති කරලා, මධ්‍යම පන්තිය විනාශ කරලා දාලා විනාස වෙලා ගියා. 

ඉතින් මම කියන්නේ ලංකාවේ ග්‍රාමීය ජනතාවට,  ග්‍රාමීය බුද්ධිමතුන්ට මම යෝජනා කරන්නේ මේ සෙල්ලම නතර වෙන්න නියමිතයි.  එක්කො සිරියාව විදිහට නැතිනම් ඇෆ්ගනිස්ථානේ විදිහට නැත්නම් ලිබියාව විදිහට. මේවා කරන්නේ ඡන්ද ගන්න තමයි. හැබැයි දැන් ඕවා කරන අය කල්පනා කරන්න ඕනේ මේවා තවත් අය කරන්න ගත්තොත්, මොකද වෙන්නේ කියලා 

මේ සේරම කරන්න මේ අවුරුද්දේ අවසානයේ පවතින ජනාධිපතිවරණට වැඩි ලකුණු, සිංහල ඡන්ද දාගන්නනේ. කොම්පියුටර්වල දැන් ඩේටා දාගෙන කට්ටිය කට්ටිය සමහරු ඉන්නවා අපි දන්නවා, දැන් කට්ටිය සමහරු මේක Deepthi Text ඇර ඇර  බලනවා ආ මෙතන වෙච්චරයි මෙතන මෙච්චරයි කිය කිය ඉන්නවා. 

දැන් ඔය වගේ තවත් කට්ටියක් ඉන්නවානේ කොම්පියුටර්වල බිග් ඩේ එක දාගෙන ආ රයිට් දැන් මෙතන, මෙතනට දෙන්න යන්නේ කියලා. මේ දෘෂ්ටිවාදය ඕනෑවට වැඩිය ගියොත් අපේ සමාජ දේහය කෑලි කෑලි වලට කැඩෙන්න නියමිතයි. 

අනිත් එක තමයි වැරදිලා හරි දැන් වෙනකොට ලෝකයේ යුදමය තත්වයක් වෙළඳමය යුද්ධ හැටියට ඇතිවෙලා තියෙනවා ට්‍රේඩ්වෝ කියලා තියෙනවා. ඒක පටන් අරන් තියෙනවා. අපි දන්නවා වෙළඳ යුද්ධවලින් තමයි ලෝක යුද්ධ පටන් ගන්නේ. ඊට පස්සේ ඒවා ක්‍රමානුකූලව ලෝක යුද්ධ බවට පත්වෙනවා. 

දැනටමත් එවැනි තුන්වෙනි ලෝක යුද්ධයක් ගත්තොත් අනිවාර්යයෙන් අපි මේ ජාතීන් අතර අභ්‍යන්තරිකව බෙදිලා හිටියොත්, එවැනි තුන්වෙනි ලෝක යුද්ධයකදී අපේ අභ්‍යන්තරික සතුරො  බවට අපේම ජාතීන් පත්වෙලා අපි අපිම කුළල් කාගන්න නියමිතයි. 

ඒ නිසා මම නැවත නැවත ලංකාවේ ග්‍රාමීය උගත් තරුණයන්ට කියනවා තරුණියන්ට කියනවා මේ ජාතිවාදයේ රැල්ලට අහුවෙන්න එපා. මෙය අපේ රට විනාස කරන්නට යන රැල්ලක් මේකට අහුවෙන්න එපා.''


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...