ඔහුගේ ඒ කතාව සමාජ මාධ්‍යයන්හි විනාඩි කිහිපයක් ඇතුළත දෝරෙ ගැලුවේය. ඔහුට පසු හිරුණිකා තවත් එවැනිම ඉතා ආන්දෝලනාත්මක කතාවක් පාර්ලිමේන්තුවේ කළා ය. එයද තවමත් සමාජ මාධ්‍ය ජාලයන්හි කැකෑරෙමින් ඇත.
මේ දෙදෙනාගෙන්ම සිදු වූයේ මීතොටමුල්ල කුණු කන්ද පාත් කෙරුණු එකය. දැන් එහි ඇති සියලු කසළ වර්ග දැකිය හැකිය. දුගඳ හඳුනාගත හැකිය. වර්ග කරගත හැකිය. රන්ජන් පාර්ලිමේන්තුවේ ගණන් හිලව් සමගින් කියූ අයුරු එහි ඇත්තේ වැලි පර්මිට්කාරයින්, එතනෝල් බිස්නස්කාරයින්, බාර් කාරයින්, කුඩු බිස්නස්කාරයින්, රේස් බයි රේස් බුකිකාරයින් වැනි කසළ ගොඩකි.
එය නැවත එක්තැන් කර වසා දැමිය නොහැකිය. දැන් සිදුව ඇත්තේ එය ඉවත් කරන්නේ කෙසේදැයි කතා කිරීමටය.
මේ විවෘත වෙළඳපල ආර්ථික ක්‍රියාවලිය සුද්ද පවිත්‍ර කළ නොහැකි හැම අතටම දුගඳ හමන කසළ ගොඩක් යැයිද එනිසා එයට විකල්ප ජාතික සංවර්ධන ආකෘතියක් අප හදා ගත යුතු යැයිද කාලයක් තිස්සේ මා කියන විට, “යහපාලනයට” කඬේ ගිය කොළඹ මැද පංතික බහුශ්‍රැතයින් 19 ගැනත් ස්වාධීන කොමිසම් ගැනත් ප්‍රජාතන්ත්‍රවාදය ගැනත් මහා ලොකු කතා කියන්නට විය.
ඒ කිසිවකින් රන්ජන් පාත් කළ මේ කුණු කන්ද ඉවත් කළ නොහැකි බැව් දැන්වත් උගෙන ගත යුතුය. රන්ජන්ගේ භාෂාවෙන් කියන්නේ නම්, මේකෙ ඇති ආචාර ධර්මයක් සදාචාරයක් නැත. මේ විවෘත වෙළඳපල ආර්ථිකයෙහි ඊට වඩා වෙනස් කිසිවක් “සංවර්ධනය” වන්නේද නැත.
එය රන්ජන් හා හිරුණිකාද උගත යුතු පාඩමකි. කුණු කන්ද පාත් කර අවසන්ය. ඊළගට කුමක්දැයි ඇසුවහොත් ඔවුන්ට ඇත්තේ ඉතා අසරණ පිළිතුරුය. “නඩු දාන්න. කොමිසම් හදන්න. පරීක්ෂණ කරන්න” කියනවාට වඩා කිසිත් ඔවුන්ට නැත.
ඔවුන්ම හෙළිදරව් කළ වැලි පර්මිට්කාරයින්, එතනෝල් බිස්නස්කාරයින්, බාර් කාරයින්, කුඩු බිස්නස්කාරයින්, රේස් බයි රේස් බුකිකාරයින් සල්ලි අට්ටි ගසමින් බලයේ ඉන්නේ අතිශයෙන් පිරිහුණු, දූෂිත, අකාර්යක්ෂම රාජ්‍ය ආයතන මේ විවෘත වෙළඳපල ආර්ථිකයෙහි නඩත්තු කෙරෙන හෙයිනි.
ඒවායින් ඉල්ලන සාධාරණත්වය කුමක්ද? මේ රාජ්‍ය ආයතන වෙතින් නැවත නැවතත් ස්වාධීන පරීක්ෂණ බලාපොරොත්තු වීමත් ඛේදවාචකයක් නොවන්නේද?
සැබෑව නම්, මොන ආකාරයේ පරීක්ෂණ ඉල්ලා සිටියත් රන්ජන්ට සහ හිරුණිකාට මේ පාර්ලිමේන්තුවේ පමණක් නොව ඉන් පිටත ඇති කිසිදු දේශපාලන පක්ෂයකින් හෝ ඊළග මැතිවරණයට නාමයෝජනා ලැබෙන්නේ නැත. අහම්බයකින් නාම යෝජනා ලැබුණත් මේ ලිහා දැමුණු කුණු කන්ද ඉවත් කරන්නට හැකි විකල්ප සංවර්ධන යෝජනා ඉදිරිපත් කෙරෙන්නේ නම් නැත.
එබැවින් තව දුරටත් දේශපාලනය කිරීමට නම්, ඒ දෙදෙනාට අලුත් දැනුවත් දේශපාලන මාවතකට පය ගසන්නට සිදුවන්නේය. ඒ වෙනුවෙන් ඔවුන්ට සාම්ප්‍රදායික, සම්මත දේශපාලන කතා වලින් වෙන් වූ ඔවුන් ලිහා දැමූ කුණු කන්දරාව ඉවත් කළ හැකි විකල්ප යෝජනා මාලාවක් වෙනුවෙන් පෙනී සිටින්නට සිදුවේ.
ආසන්නම විකල්ප යෝජනා ලෙස,
(1) ලබන මැතිවරණයේදී අපේක්ෂකයින්ගේ හා ඔවුන්ගේ පවුල්වල පමණක් නොව, සෑම වසරකම රජයේ ඉහළ නිලධාරීන්ගේද වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම
(2) දේශපාලන පක්ෂ ඔවුන්ගේ විගණනය කළ වාර්ෂික අයවැය ප්‍රසිද්ධියට පත් කිරීම
(3) අධිකරණයද ඇතුලු රජයේ විගණකාධිපති, නීතිපති, අමාත්‍යාංශ ලේකම්වරුන් හා අතිරේක ලේකම්වරුන්, කොමසාරිස්වරුන් විශ්‍රාම යෑමෙන් වසර 05 ක් යන තෙක් නැවත කිසිදු රජයේ තනතුරක් ලැබීම අත්හිටුවීම
(4) දැනට ක්‍රියාත්මක වන බදු රහිත වාහන ගෙන්වීම අහෝසි කිරීම
(5) රූපවාහිනි සහ FM ගුවන් විදුලි නාලිකා සඳහා ලබා දෙන විද්‍යුත් සංඛ්‍යාත පිළිබඳ සියලු තොරතුරු වහා ප්‍රසිද්ධ කිරීම වැනි යෝජනා මාලාවක් වෙනුවෙන් පෙනී සිටිය යුතුවේ.
මේ ඉරණමටම ගොදුරුවන අනෙක් දේශපාලනඥයා වන්නේ මංගල සමරවීරය. මෙතෙක් අවුරුදු 30 ට වැඩි දේශපාලන ජීවිතයේ දූෂණ වංචා සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් නැති අතිශය ලිබරල් දේශපාලනයක් වෙනුවෙන් සම්මුති නොමැතිව දිගින් දිගටම පෙනී සිටින මංගලටද මෙවර මැතිවරණයට ඉදිරිපත් විය හැකි, ඔහුට ගැලපෙන දේශපාලන පක්ෂයක් ඇත්තේ නැත.
මෙදා සජිත් කරළියට ගෙන ඒමේ පුරෝගාමී කාර්යට මංගල උර දුන්නත් දැන් ඔහු ඒ දේශපාලනයෙන් එළියට විසි වූවෙකි. ගෝඨාභයට සහාය වන්නට යාර ගණන් දිග පිරිත් නූල් බැඳ ගෙන ඔහුට සජිත් පිටුපස සජිත්ගේ නිවට දේශපාලනය සමග යා නොහැකිය. ඔහුටද ඉතිරිව ඇත්තේ රන්ජන්ට හා හිරුණිකාට අත්ව තිබෙන්නාවූ ඉරණම ය.
මේ ත්‍රොයිකාව ගම්පහ, කොළඹ හා මාතර දිස්ත්‍රික්ක 03 හි ඉදිරිපෙළ දේශපාලනඥයින් ය. එනිසා මේ ත්‍රොයිකාවට දැන් කළ හැක්කේ අලුත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පොදු විකල්ප යෝජනා මාලාවක් ඉදිරිපත් කරමින් අඩුම තරමින් මේ දිස්ත්‍රික්ක තුනට හෝ ස්වාධීන, අලුත් තරුණ අපේක්ෂකයින් සමග තරග වැදීමය.
එසේ නොවුනහොත් ඔවුන්ගේ අනාගත දේශපාලනය පිළිබඳව ඔවුන්ට මෙන්ම අද ඔවුන් අවංක යැයි හා ඔවුන්ට ඉදිරි කාර්ය භාරයක් ඇතැයි සිතනවුන්ටද වෙනත් තීන්දු ගැනීමට සිදුවනු ඇත.
කුසල් පෙරේරා
2020 ජනවාරි 22
(කුසල් පෙරේරාගේ FB පිටුවෙන් උපුටා ගන්න ලදී)
අලුත්ම “ත්‍රොයිකාව” රන්ජන් හිරුණිකා සහ මංගල ද?
T
The Leader Desk
January 22, 2020 • 5:03 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- කාලයක් තිස්සේ රන්ජන් මාධ්‍ය මල්ලිලාට කියූ “ස්මාට් පොලිටික්ස්” - “උන් ඔක්කොම හොරු මල්ලී” කතා ඊයේ (ජනවාරි 21) විනාඩි 10 ට ආසන්න ඔහුගේ පාර්ලිමේන්තු කතාවෙන් ඔප්පුකර, ඔහු සතුව තිබූ පටිගත කළ සංවාද සභාගත කර නැවත රිමාන්ඞ් බන්ධනාගාරයට ගියේය.
- එයද තවමත් සමාජ මාධ්‍ය ජාලයන්හි කැකෑරෙමින් ඇත.
- දැන් එහි ඇති සියලු කසළ වර්ග දැකිය හැකිය.
- රන්ජන් පාර්ලිමේන්තුවේ ගණන් හිලව් සමගින් කියූ අයුරු එහි ඇත්තේ වැලි පර්මිට්කාරයින්, එතනෝල් බිස්නස්කාරයින්, බාර් කාරයින්, කුඩු බිස්නස්කාරයින්, රේස් බයි රේස් බුකිකාරයින් වැනි කසළ ගොඩකි. එය නැවත එක්තැන් කර වසා දැමිය නොහැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


